gossip lanka

සාහසික ලෙස තම පියා මරා දැමූ දියණියන්ට නිදහස ඉල්ලා ලක්ෂ සංඛ්‍යාත පිරිසක් කළ දේ මෙන්න - (Photos)

57 හැවිරිදි තම පියා ඝාතනය කළ දියණියන් තිදෙනෙකුට නිදහස ලබා දෙන ලෙස ඉල්ලා ලක්ෂ 3ක පමණ පිරිසක් පෙත්සමක්
ඉදිරිපත් කළ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙලෙස තම පියා ඝාතනය කර ඇත්තේ රුසියානු ජාතික දියණියන් තිදෙනෙකු විසිනුයි.


ඔවුන් තිදෙනා නින්දේ සිටි සිය පියාට පොරවක් සහ පිහියකින් පහර දී ඝාතනය කර තිබුණා.

මෙලෙස තම පියා ඝාතනය කිරීමට හේතුව වී ඇත්තේ පියා විසින් දියණියන්ව වසර ගණනාවක් තිස්සේ කායිකව සහ මානසිකව අපයෝජනය කිරීම බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

දියණියන් තිදෙනාට මනුෂ්‍ය ඝාතන චෝදනා එල්ල වීමත් සමඟ එරට ජනතාව මෙම සිදුවීම ගැන අවධානය යොමු කර තිබුණා.

මෙම දියණියන්ට නිදහස ලබා දෙන ලෙස ඉල්ලා 300 000 පමණ එරට වැසියන් පිරිසක් පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.

පියා ඝාතනය කරන දිනයේදී පියා විසින් දියණියන්ට ගම්මිරිස් කුඩු ඉසිමින් පහර දී තිබෙනවා.

එදින පියා නින්දට ගිය පසු දියණියන් විසින් පොරවක් සහ පිහියක් ගෙන පියාට පහර දී තිබෙන අතර පියාගේ මළ සිරුරේ පිහි ඇනුම් 30කට වඩා සොයාගෙන තිබෙනවා.

මානව හිමිකම් ක්‍රියාරුවන් පවා එම දියණියන් තිදෙනා චූදිතයන් නොව වින්දිතයන් බව සලකා නිදහස හිමි විය යුතු බව ප්‍රකාශ කර තිබෙනවා.

කෙසේ නමුත් ගෘහස්ත ප්‍රචණ්ඩ ක්‍රියා වලින් ආරක්ෂා විය හැකි ආකාරයේ නීති රුසියාවේ ක්‍රියාත්මක නොවන බව‍යි අනාවරණය වන්නේ.

පියා සහ දියණියන් තිදෙනා
gossip lanka