සුපිරි බොලිවුඩ් නළු ශාරුක්ගේ දුව සුහානත් රඟපෑමට

මේ කියන්න යන්නේ බොලිවුඩ් ප්‍රේක්ෂකාගාරයට ටිකක් විශේෂ ආරංචියක්. ලොවක් හොල්ලපු බොලිවුඩ් සුපිරි තරු ෂාරුක් ඛාන් ගේ වැඩිමහල් පුතු පහුගිය දවසක ඔන්න රඟපෑමට සම්බන්ධ වෙන්න යනවා කියන ආරංචියත් එක්ක ගොඩක් අයගේ අවධානය මේ ඛාන් පවුල පැත්තට යොමු වුනා.
ඊට වැඩි දවසක් යන්නත් කලින්ම ඔන්න ඒ වගේ,ම ප්‍රේක්ෂකයන් පුදුම කරවන ආරංචියක් ඛාන් පවුල පැත්තෙන් ආරංචි වෙනවා. ඒ ශාරුක්ගේ ආදරණිය දියණියත් ඔන්න ‘The Grey Part Of Blue‘ කියන කෙටි චිත්‍රපටයෙන් ප්‍රේක්ෂකයන් අතරට එන්න සුදානම් වෙලා තියනවා. අවුරුදු 19 වුන මේ සුරූපී තරුණිය ඇයගේ පාසල් වේදිකාවේත් කිහිප වතාවක්ම රංගනයෙන් දායක වෙලා තිබුනත් මේ වගේ ප්‍රධාන ධාරාවේ නිර්මාණයකට ඇය සම්බන්ධවෙන පලවෙනි වතාව කියලා තමයි දැනගන්න ලැබෙන්නේ.     

මෑතකදී ලන්ඩනයේ විශ්ව විද්‍යාලයකින් තමන්ගේ උපාධිය අවසන් කල මේ තරු දියණිය රංගනයට එන්න බොහොම කැමැත්තෙන් ඉන්නවා වගේම පාසල් කාලයේ සිටම රංගන කටයුතු වෙනුවෙන් හැකි පමණ ක්‍රියාකාරී වූ චරිතයක් කියලා තමයි ගොඩක් අය කියන්නේ.
gossip lanka