gossip lanka

ජෝති ප්‍රසංගයෙන් පස්සේ තාත්තා නාරද දිසාසේකර ගැන සාරංග හැමෝටම දැනෙන්න කියපු කතාව

ලංකාවේ ප්‍රවීණ, නවක තරු රැසකගේ සහභාගිත්වයෙන් පැවැත්වුනා ප්‍රසංගයක්. ඒකෙ නම "ජෝති ගැයූ ගී සිනමාවට". රටක් වසඟයට ගත් ප්‍රවීණ ගායන ශිල්පී ජෝතිපාල මහත්මයා අනුස්මරණය කිරීමක් විදිහට එතුමාගේ ගීත එකතුවක් ප්‍රසංගය පුරාම ගායනා වුනා.

ඉතින් මේ ප්‍රසංගයෙන් පස්සේ ජනප්‍රිය නළු සාරංග දිසාසේකර තමන්ගේ පෞද්ගලික අත්දැකීමක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ගිණුම්වල හරි අපූරු කතාවක් කියලා තිබුනා.
ප්‍රසංගයට ආපු රසිකයෙක් තමන්ගේ සමරු පොතේ අත්සනක් දාන්න කියලා සාරංගට දුන්න වෙලාවේ එයාගේ තාත්තා නාරද දිසාසේකර මහත්මයත් ඊට අවුරුදු ගණනාවකට කලින් ඒ පොතේම සටහනක් දාලා තියනවා කියලා දැනගන්න ලැබිලා තියනවා. ඉතින් දෙපාරක් නොහිතම සාරංග ඒ පිටුව හොයලා තාත්තගේ අත්සනට යටින් අත්සනක් දාලා තියනවා.

ඒ සිද්ධියෙන් හැඟීම්බර වුන සරංග මෙන්න මේ විදිහට ඒ කතාව හැමෝටම ඇහෙන්න කිව්වා. 

"ජෝති ප්‍රසංගයට ආපු රසිකාවියක් එයාගෙ සමරුපොත මට දීලා කිව්වා, "ඔයාගෙ තාත්තත් මේකෙ අත්සන් කරලා තියනවා" කියලා..මම ඉස්පාසුවක් නැතුව පිටු පෙරලගෙන පෙරලගෙන ගියා.. ඇත්තමයි!! 1974 දවසක තාත්තා අත්සන් කරලා.. මම ඉපදෙන්නත් අවුරුදු ගානකට කලින්.. මට ඒක අදහගන්නත් බැරිවුනා.. මමත් ඉතින් මගේ පුංචි අත්සන ඊට යටින් ගැහුවා.. එදා තාත්තා ඒ සමරු පිටුව අත්සන් කරද්දි හීනෙකින්වත් හිතන්න නැතුව ඇති කවදහරි එයාගෙ ලේ අත්සනත් ඒ පිටුවෙම වදීවි කියලා..."
gossip lanka