ඉස්ලාමීය රාජ්‍යයක් උදෙසා බෝම්බ පුපුරුවන්න ගිය සාලා

ඉරාක පුරවැසියකු වූ කුර්දි ජාති ෆර්හාඩා සාලා එංගලන්තයට පැමිණීයේ සරණාගතයෙකු ලෙසයි. ඔහු එංගලන්තයේ ෂෙෆීල්ඩ් නගරයේ කරණවැමියෙකු ලෙස කටයුතු කරමින් ජිවනෝපාය ගෙන ගිය නමුත් ඔහු දෙබිඩි ජිවිතයක් ගත කළ අයෙක්.


සාලාගේ අරමුණ වූයේ එංගලන්තයේ බෝම්බයක් පුපුරවා දැවැන්ත මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීමයි. අයි.එස්.අයි.එස්. අන්තවාදී චින්තනයේ වහලෙකු බවට පත්වී සිටි සාලා එවැන්නක් සිදුකිරීමෙන් බලාපොරොත්තු වූයේ ඉස්ලාම් ආගම වෙනුවෙන් දිවි කැප කරන්නෙකු බවට පත්වීමටයි.

බ්‍රිතාන්‍ය ජාතික ඇන්ඩ් ස්ටාර් පුපුරණ ද්‍රව්‍ය පිළිබඳ විශේෂඥයෙකු වූ අතර ඔහුගේ ව්‍යාපාරික ස්ථානයේ යට කොටසේ සිටි සාලා පුපුරණ ද්‍රව්‍ය පිළිබඳව මනා දැනුමක් ඔහුගෙන් ලබා ගත්තා.

ඉන්පසු කුඩා බෝම්බයක් නිර්මාණයක් කළ සාලා අත්හදා බැලීමක් ලෙස කාඩ්බෝඩ් පෙට්ටියක් තුළට එය දමා පුපුරුවාලීමට සුදානම් කළා. එහෙත් ලැබුණු ඔත්තුවක් මත සාලා පොලිස් අත්අඩංගුවට පත්වුණා. මොහු අත්අඩංගුවට ගැනීම කෙරේ පොලීසියේ විශේෂ අවධානය යොමු වූයේ ඊට පෙර වෙස්ට් මිනිස්ටර් හා ලන්ඩන් පාලමේ බෝම්බ පිපිරීම් පිළිබඳ අවධානයෙන් සිටීම නිසායි.

තවත් බෝම්බ කොහේ හෝ පිපිරෙන් ඇතැයි විශ්වාස කරමින් සිටි පොලීසියට කාඩ්බෝඩ් පෙට්ටියේ අත්හදා බැලීම කෙරේ ඔත්තුවක් ලැබීම නිසා සිදුවන්නට ගිය මහා විනාශයක් හෙළි කර ගැනීමට හැකිවුණා. සාලාගෙන් කළ ප්‍රශ්න කිරීමේදී හෙළි වූයේ අත්හදා බැලීම සාර්ථක වූයේ නම් විශාල මිනිස් ඝාතනයක් සිදු කිරීමට ඔහු සුදානමින් සිටි බවයි.

ෆර්හාඩ් සාලාට බෝම්බය නිපදවීමට සහය දුන් ඇන්ඩ් ස්ටාර් ද අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබු අතර ස්ටාර්ට එරෙහිව ත්‍රස්තවාදී චෝදනා සම්බන්ධයෙන් හේතු කාරණා ඉදිරිපත් නොවීම නිසා ඔහු නිදොස් කොට නිදහස් කරනු ලැබුවා.

එහෙත් අයි.එස්.අයි.එස්. මතධාරි ෆර්හාඩ් සාලා පොලීසිය මඟින් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවා. ඔහුට එරෙහිව නඩු විභාගය ඇරඹුණු අතර එහිදී රජය වෙනුවෙන් පෙනී සිටි ඈන් වයිට් නීතිඥවරිය ප්‍රකාශ කළේ ස්ටාර්ගෙන් ලැබූ උපදෙස් අනුව සාලාගේ අරමුණ වූයේ දුරස්ථ පාලකයක් මඟින් ක්‍රියාකරනු ලබන මෝටර් රථයක බෝම්බයක් සවි කොට අධික ජනගහනයක් ගැවසෙන ස්ථානයක එය කොට අධික ජනගහනයක් ගැවසෙන ස්ථානයක එය පුපුරුවා හැරීම බවයි.

එහෙත් එවැනි විනාශයක් සිදුකිරීමට පෙර මෙම අන්තවාදියා අල්ලා ගැනීමට පොලීසිය හැකිවීම ගැන සතුටට පත්වන බව ද ඇය අධිකරණය හමුවේ සඳහන් කළා.

මෙහිදී සාලා අත්අඩංගුවට ගෙන සියලු රහසිගත දේ හෙළි කරගත් ප්‍රධාන පොලිස් පරීක්ෂක මාටින් ස්නොඩන් අධිකරණය හමුවේ කියා සිටියේ, "සාලා ඉතා භයානක කෙනෙක්. ඔහු අපගේ සමාජයේ ආරක්ෂාවට අතිශය අවදානමක්. ඔහුගේ මෙම අතිශය භයානක අරමුණ ඉටුවූයේ නම් ජිවිත විශාල සංඛ්‍යාවක් නැති වෙනවා. එහෙත්, ඊට කලින් ඔහු අල්ලගැනීමට හැකීවීම ගැන මම පෞද්ගලිකවම සතුටට පත් වනවා.." යනුවෙනුයි.

සියල්ල අධ්‍යයනය කළ ෂෙෆීල්ඩ් අධිකරණයේ ප්‍රධෘන විනිශ්චයකාර පෝල් වොට්සන් විසින් ෆර්නාඩ් සාලාට වසර 18ක් බරපතල වැඩ සහිත සිර දඬුවමක් නියම කළා. එහිදී විනිසුරුතුමා සාලා ඉදිරියේ මෙසේ ද ප්‍රකාශ කළා.

"ඉස්ලාම් යනු සාමකාමී ආගමක්. ඒ වගේම ඔබ අනුගමනය කරන හා විශ්වාස කරනු ලබන විකෘති චින්තයන්ට වඩා ඉතාම දුරස්ථ ආගමක්. එසේම ඉස්ලාමීය විශ්වාසයන්ට හා ඇදහිලිවලට එරෙහිව ක්‍රියා කරන ඔබ වැනි අය සාමකාමී හා ඉවසන සුළු මුස්ලිම් ලබිධිකයටද මහත් තර්ජනයක්.."

නඩු විභාගය අතරතුරදී පොලීසිය විසින් සාලා විසින් සිදුකිරීමට සැලසුම් කර තිබූ බෝම්බ පිපිරීම ගැන වීඩියෝ තැටියක් හා අයි.එස්.අයි.එස්. ලිපි ලේඛන රැසක් මෙන්ම සාලා විසින් ඔහුගේ මුහුණු පොතේ සඳහන් කර තිබූ අන්තවාදී සටහනක් ද අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබුවා.

එහි සඳහන්ව තිබුණේ, "මගේ එකම බලාපොරොත්තුව ඉස්ලාම් ආගම වෙනුවෙන් කැපවීම සඳහා රියදුරෙකු නැති මෝටර් රථයක් මඟින් විශාල මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීමයි.." යන්නයි.

ෆර්හාඩ් මාලා අත්අඩංගුවට ගැනීම නිසා සිදුවීමට ගිය මහා විනාශයක් වළක්වා ගැනීමට එංගලන්ත පොලීසියට හැකිවීම ගැනි අධිකරණයේ ප්‍රශංසාවද හිමි වුණා.

රෝහණ ආර්යරත්න
gossip lanka