gossip lanka

"ලස්සන කෙල්ලගෙ පිංතූර ටික ෆේස් බුක් පිටුවෙ දැම්මා.." - සිගිති මල්ලිව උරයේ එල්ලගෙන සිගමනේ ගිය දැරිය පිලිපිනයේ තරුවක් වූ හැටි - (Photos)

පිලිපීනයේ Quezon කියන නගරයේ අවුරුද්දකට වරක් තියෙනව විශාල උත්සවයක්. මේ උත්සවය දවසට නගරෙ විදි මිනිස්සුන්ගෙන් පිරිලා ඉතිරිලා යනවා. මේ සැනකෙලියෙ ඡායාරූප ගන්න ආපු තූපර් බර්ගෝස් (Topher Burgos,) එක පාරටම දකිනවා වීදියේ යනෙන මිනිස්සුන්ගෙන් සිගමන් යදින පුංචි ලස්සන කෙල්ලක්. එයා මල්ලියි කියලා හිතන්න පුලුවන් සිගිත්තෙක්වත් තමන්ගෙ උරයේ එල්ලගෙනයි සිගමන් ඉල්ලුවෙ.


 ඇගේ සිරුර පටලන් හිටපු රෙදි කඩමාලු වෙලා සායමි ගියත් ඒ ඇදුමට පවා ඇය හරි හැඩයි. තූපර්ගෙ කැමරාවෙි ෂටර් එක උස් පාත්වුනා කීප සැරයක්ම ෂටස් ෂටස් ෂටස් ගාලා එක එක හැඩෙිට ඇයට නොතේරෙන්න ඇයට නොදැනෙන්න. එයා බැඩිඡාඹි කෙල්ලක් ! ඔහු හිතුවා.

බැඩිඡාඔී කියන්නෙ පිලිපීනෙ ආදීවාසී ඡන වර්ගයක්. හරියට අහිකුණ්ටකයො වගේ. දන්නවද ඒ මිනිස්සුන්ට පිලීපිනෙ නමක් නෑ මූණක් නෑ හඩක් නෑ අන්ත දුප්පත්තු. කිසිම කෙනෙක් එයාලට රස්සාවක් දෙන්නෙ නෑ හරියට ඔවුන් මේ ලෝකෙට බිහිවුනේ හිගන්නො විදිහට ඉපදිලා හිගන්නො වගේ මැරිල යන්න වගේ.

තූපර් ඊට පස්සෙ ගියා ඇය ළගට . ඇහුව විස්තර. ඉතින් ඇය කිවිවා ඇගේ නම රීටා ගවියෝලා ( Rita Gaviola ) ඒක හරි ලස්සන නමක් ‘හා නැද්ද ! ‘‘ ගවියෝලා !‘‘

ගවියෝලා ඊට පස්සෙ මේ කැමරකාරයව එක්කන් යනව ඇගේ දුප්පත් ගෙදරට. එතකොට ඔහු දකිනව ගිවියේාලාට තවත් පුංචි පුංචි සහෝදර සහෝදරියො 5 ක් ඉන්න බවත් ගිවියෝලගෙ තාත්තට මාලු බිලී බාල උපයන මුදලෙන් මේ පවුල නඩත්තු කරන්න බැරි නිසා ඇයව සිගමනේ යවන බවත්.මේක ‍‍වෙන්නෙ 2016 මැියි මාසෙ යමි දවසක.

තූපර් බර්ගෝස් ගෙදර ගිහිල්ල මේ ලස්සන කෙල්ලගෙ පිංතූර ටික දානව එයාගෙ ෆේස් බුක් පිටුවෙ. එහෙම මුදාහැරල ඔහු ලියනව ‘‘ රීටා ගවියෝලා කියන්නෙ පිලිපීනයේ ලස්සන බවේත් දුගී බවෙිත් සැබෑ මුහුණුවර. ඇයට වයස 13 යි පාසැල් යායුතු දැරියක් . නමුත් ඇගේ දෙමවුපියන් හරි දුප්පත් !

තූපර්බුර්ගෝස් ගෙ පලකිරීමට සමාඡඡාලයේ ප්‍රතිචාර ඉහටත් උඩින් ඇගේ ඡායාරූප සහිත තුපර්ගෙ ලිපිය සංසරනය වුනා දහස් ගණනින්. ඒව ගියා ලුසියානා නගරයේ නගරාධිපති රොඩරික් අල්කාලා ( Roderick Alcala ) ගෙ කනට.ඔන්න මිනිහ වැඩෙිට මැදිහත් වුනා. ඒ අනුව Lingkod Kapamilya පදනම ඇයට දුන්නා පිලිපීනයේ ඒ ශ්‍රේනියේ උසස් විද්‍යාලයකට ශිෂ්‍යත්වයක්. ඒ එක්කම බැඩ්ජාවෝ නායක බෙන්සාර් ගඩ්සාලි කියල තිබුන ගවියෝලාගේ ගම්මානයේ බඩ්ජාවෝ ළමුන් 50 කට වැඩි ප්‍රමාණයක් ප්‍රාථමික හා උසස් පාසලට ඇතුළත් කරගත්ත කියල ඒ මාසයේ..

ඇයව ලෝකයට අදුන්වල දුන්න තූපර් බර්ගෝස්

, ගේබියෝලාට එදිනෙදා භාවිතය සඳහා ඇඳුම්, නිල ඇඳුම්, පාසල් සපත්තු සහ සෙරෙප්පු, ආහාර, ඇගේ දෙමාපියන් සඳහා ඖෂධ, ඇඳ ඇතිරිලි සහ විදුලි භාන්ඩ සපයපු සිය ගිනුමෙ සියලු මිතුරන්ට ස්තුති කරල තිබුණ.

තවත් මාස 6 ක් ගිය තැන විවිධ ව්‍යාපෘති හරහාද පළාත් පාලන ආයතන මාර්ගයෙන්ද මේ බැඩිඡාඔි ප්‍රඡාවගේ ජීවනෝපාය සඳහා ධීවර බෝට්ටු සහ එංඡින් ලබා දි තිබුණ.
ඉනුත් අවුරුදු දෙකහමාරක් ගියාට පස්සෙ ඒ කියන්නෙ අද වෙනකොට රීටා ගිවියෝලා කියන්නෙ පිලිපින රූපවාහිනි නාට්‍යවලට නැතිවම බැරි තරුවක් . ඒව යන්නෙ කතාමාලාවන් විදිහට.

මේ එයාගෙ රූපවාහිනි කතාමාලාවන්.‘Pinoy Big Brother’ house"‘Starstruck VII., ‘Sahaya.’ .

උපාලි ජයසිංග
gossip lanka