හිටපු කොන්ග්රස් සභාපති රාහුල් ගාන්ධි පසුගිය දවසක කේරළයේ Wayanad මැතිවරණ කොට්ටාසයේ සංචාරයක ඉන්න වෙලාවක ඒ අවට නිවැසියෙක් අතර සිදුවූ තරමක් අමුතු හමුවීමක් ගැන විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඔහු සිය මෝටර් රථයේ සිටියදී විශාල පිරිසක් ඇවිත් අතට අත දෙමින් සුබ පැතුම් එක්කරමින් සිටින අවස්ථාවක අහඹු ලෙස පැමිණෙන එක පුද්ගලයෙක් එක්වරම ඔහුට හාදුවක් දෙමින් තමන්ගේ ආදරය ගෞරවය ප්‍රකාශ කරන්න අවස්ථාව හිමිකරගන්නවා.
මේ අවස්ථාව පෙන්වන වීඩියෝවක් අන්තර්ජාලයට නිකුත්වීමත් සමග ගොඩක් අයගේ අවධානය ඒ වෙත යොමු වුනා වගේම ඒක තරමක හාස්‍ය දනවන එකක් කියලා තමයි ගොඩක් අය කියන්නේ. ඒ වස්තවේ කිසිම කලබලයක් නොපෙන්වන රාහුල් ගාන්ධි බොහොම සන්සුන්ව අනිත් අයට ආචාර දක්වන කාර්යයේ නිරත වෙලා තියනවා.
සංචාරය අතරතුර රාහුල් ගාන්ධිව අපහසුතාවයට පත් කරමින් නිවැසියෙක් කරපු වැඩක් - (video)
2019-08-28T22:40:00-07:00
Gossip Lanka Hot News
slide|