gossip lanka

කාගෙ අවසරයක් අරන් ද ස්වාභාවික සම්පත් විනාශ කරන්නෙ ? පොතුවිල් මුහුදු මහා විහාර භූමිය රැකගන්න විහාරවාසී හිමියන් තනිව සටනේ - (video)

පොතුවිල් මුහුදු මහා විහාර භූමිය ආශ්‍රිත ප්‍රදේශයේ ස්භාවික වැලි කදු කපා ඉවත් කිරීමට පොතුවිල් ප්‍රාදේශීය සභාව ක්‍රියාත්මක වීමත් සමග විහාරවාසී පුජ්‍ය උඩලමත්තේ රතනප්‍රිය හිමියන් දැඩි විරෝධය පළ කරනවා.

උන්වහන්සේ ප්‍රකාශ කලේ රෝහලක ඉදිකිරීම් සම්බන්ධ අවශ්‍යතාවක් මතු කරමින් පොතුවිල් ප්‍රාදේශීය සභා බලධාරීන් ස්භාවික වැලි කදු විනාශ කිරීම අරඹා ඇති බවයි.

හිරු සී.අයි.ඒ.හරහා පසුගියදා මුහුදු මහා විහාර භූමිය ආක්‍රමණය කිරීම අප හෙළි කළ අතර මේ එහි තවත් දිගහැරුමක්.

නැගෙනහිර පළාතේ පොතුවිල් හි පිහිටා ඇති මුහුදු මහා විහාරය පසුගිය කාලය පුරා දැඩි කථාබහට ලක්වුයේ එහි සීග්‍රයෙන් සිදුවන ඉඩම් ආක්‍රමණය හේතුවෙන්.

1951 වසරේ ගැසට් පත්‍රයක් මගින් මෙම විහාරයට අයත් භූමිය අක්කර 72 ක් බවට සදහන්ව තිබුනත් යළි 1965 වර්ෂයේදී ප්‍රකාශිත ගැසට් පත්‍රයක් අනුව එහි වපසරිය අක්කර 30 ක් බව දක්වා තිබෙනවා.

සීග්‍රයෙන් සිදුවන අනවසර ඉඩම් අල්ලා ගැනීම් හරහා එම අක්කර 30 ක භූමි ප්‍රදේශය ද මුහුදු මහා විහාරයට මේ වනවිට අහිමි වී ඇති අයුරු අප හිරු සී.අයි.ඒ.හරහා අගෝස්තු පළමු වනදා අනාවරණය කළා.

ගොඩබිම් පෙදෙස් එලෙස ඉවක් බවක් නොමැතිව ආක්‍රමණ කරද්දී, මුහුදු මහා විහාරයට යාබද වෙරළ තීරය සොහොන් බිමක් බවට ක්‍රමක් ක්‍රමයෙන් පත් කරමින් ඇත්තේ පොතුවිල් ප්‍රාදේශීය සභාවේ අවශ්‍යතාව මතයි.

විහාරස්ථානය අවට ස්භාවික වැලි කදු තීරයට ද ඇස ගසා සිටි පොතුවිල් ප්‍රාදේශීය සභාවේ බලධාරීන් අවස්ථා ගණනාවකදී කිසිදු අවසරයකින් තොරව ස්භාවික වැලි කදු කැපීමේ නිරත වුනේ සභාවේ ට්‍රැක්ටර් රථ භාවිතා කරමින්.

හිරු සී.අයි.ඒ.අනාවරණයත් සමග අඩාල වී තිබු මෙම ක්‍රියාවලිය ඊයේ සිට නැවත ආරම්භ කිරීමට ප්‍රාදේශීය සභා බලධාරීන් පියවර ගෙන තිබුනා.

වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් අවසර ලබාගත් බව පවසමින් පොතුවිල් ප්‍රාදේශීය සභාවෙන් පැමිණ බැකෝ යන්ත්‍ර යොදා ස්භාවික වැලි කදු ඉවත් කිරීමට පියවර ගැනීමත් සමග විහාරවාසී රතනසාර හිමියන් ඊට මෙලෙස විරෝධය පළ කළා.

මෙම පුරාවිද්‍යාත්මක බිම් කඩ අනාගත දරු පරපුර සදහා රැක ගැනීමට දිවි දෙවෙනි කොට අරගලයක නිරත පුජ්‍ය උඩලමත්තේ රතනප්‍රිය ස්වාමීන්වහන්සේට පහරදීමට අන්‍ය ජාතියක පුද්ගලයෙකු තැත් දරන දර්ශන පෙළක් ද මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වනවා.

පසුගියදා හිරු සී.අයි.ඒ.කළ අනාවරණය පිළිබද උන්වහන්සේ මෙලෙස අදහස් පළ කළා.
gossip lanka