පාකිස්තානයෙන් තවත් දැඩි තීරණයක් - ඉන්දියාව සමග සියලු සංස්කෘතික ගනුදෙනු අත්හරී !

ඉන්දියාව සමග පවත්වාගෙන ආ සියලු සංස්කෘතික ගනුදෙනු නතරකිරීමට පාකිස්තානය තීරණය කර ඇත.

ජම්මු - කාශ්මීරය සම්බන්ධයෙන් ඉන්දියාව ඊයේ (09) කළ විශේෂ ප්‍රකාශය  අනුව මෙම තීරණය ගෙන ඇතැයිද, මෙම රටවල් දෙක අතර සියලු සංස්කෘතිකමය කර්මාන්ත හා සම්බන්ධ දෑ තහනම් කර ඇතැයිද පැවසේ.


ජම්මු - කාශ්මීරය සම්බන්ධයෙන් කළ විශේෂ ප්‍රකාශය සඳහා ඉන්දියාව සිය ව්‍යවස්ථාවේ 370 වගන්තිය කඩ කළ අතර, එම ප්‍රදේශය දෙකඩ කිරීමේ එනම් ත්‍රස්තවාදී දේශභූමී දෙකක් බවටද පත් කළේය.

ඉන්දියාව කළ මෙම ක්‍රියාව ‘ඒකපාක්ෂික සහ අනෛතික’ ක්‍රියාවක් ලෙසින් පාකිස්තානය නම්කරන ලදී. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයට මෙය ගෙන යන බවද පාකිස්තානය පැවසීය.

පාකිස්ථානයේ තොරතුරු සහ විද්‍යුත් ප්‍රචාරණ අමාත්‍යාංශය, ‘Say No to India’ යනුවෙන් පාඨයක් පළ කර ඇත.‍

මෙම සංස්කෘතික තහනම,  පාකිස්තානු තරුණයන්ගේ මනස දූෂණය කරවන්නක් බවද, ඉන්දීය සංස්කෘතික ආක්‍රමණයට එරෙහිවීමට පෙරමුණ ගැනීමට මාධ්‍ය කටයුතු කළයුතු බවද පාකිස්තානු බලධාරීහු පවසති.

පාකිස්තානු රජය, මේවනවිට ඉන්දීය සිනමාපට ප්‍රදර්ශනය ද තහනම් කර තිබේ
gossip lanka