gossip lanka

ගණිකා වෘත්තියේ යෙදුනු කෙල්ලො ටික කූඩුවේ දාපු උන්ට පාට් එක දාන්න ගිහින් හිමිකරුට වුන දේ !

ගණිකා වෘත්තියේ යෙදීම සම්බන්ධයෙන් මහරගම පොලිසිය මඟින් අත්අඩංගුවට ගත් සැකකාර කාන්තාවන් පිරිසක්  පොලිස් සිර මැදිරියේ රඳවා තැබීම සම්බන්ධයෙන් උරණව එම පොලිස් නිලධාරීන්ට අපහාසාත්මක ආකාරයෙන් බැන වැදුණු බව කියන සම්බාහන ආයතන කළමනාකරුවකු  ඊයේ (8දා) දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නුගේගොඩ වැඩබලන මහෙස්ත්‍රාත් සුනීතා නානායක්කාර මහත්මිය පෙරේදා (7දා) නියෝග කළාය. සම්බාහන ආයතනයක් පවත්වාගෙන යන මුවාවෙන් එම කාන්තාවන් පිරිස ගණිකා වෘත්තියේ යෙදවූ බව කියන නුගේගොඩ ප්‍රදේශයේ පදිංචි සැකකාර පුද්ගලයකු එසේ රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි.
මහරගම පොලිසියේ උප පොලිස් පරීක්ෂකවරයා ඇතුළු පිරිසක් එම ප්‍රදේශයේ සංචාරයක නිරතව සිටින අතරතුරදී ඉහත කී සම්බාහන ආයතනය දැක එය පරීක්ෂාවට ලක් කර ඇති බවත් එසේ පරීක්ෂාවට ලක් කිරීමෙන් පසුව පොලිසිය මඟින් එකී ගණිකාවන් අත්අඩංගුවට ගෙන පොලිසිය වෙත ගෙනැවිත් පොලිස් සිරමැදිරියේ රඳවා ඇති බවත් අනාවරණය විය.

එසේ රඳවා සිටි සැකකාරියන් බැලීම සඳහා ඉහත කී සම්බාහන ආයතන කළමනාකාරවරයා පොලිසියට පැමිණෙන විට සැකකාරියන් පොලිස් කූඩුවේ රඳවා තිබෙන අයුරු දැක ඇති බවත් පසුව සිර මැදිරිය අසලින් පිටතට පැමිණ ඇති සැකකාර කළමනාකරුවා පොලිස් නිලධාරීන්ට ඇසෙන ලෙස ‘කෙල්ලො ටික කූඩුවේ දාපු එවුන්ට කරන වැඩේ බලාගනින් කෙල්ලො ටික පුටුවල වාඩි කරලා තියන්න තිබුණා නේද’ යනුවෙන් පොලිස් නිලධාරීන්ට පරුෂ වචනයෙන් බැන වැදී ඇති බවද සැකකරු අධිකරණයට ඉදිරිපත් කළ මහරගම පොලිසියේ කොස්තාපල්වරුන් වන ජයසේකර හා එරංග යන මහත්වරුන් වැඩිදුරටත් කරුණු දක්වමින් අධිකරණය හමුවේ පැවැසීය.

පොලිස් නිලධාරීන්ට අඩන්තේට්ටම් කර සාපරාධී බලහත්කාරකම් පා කලහකාරී ලෙස හැසිරීම සම්බන්ධයෙන් සැකකරුට එරෙහිව පොලිසිය චෝදනා නඟා තිබිණි.

කුමුදු උපුල් ශාන්ත
gossip lanka