gossip lanka

"අපි ආරක්ෂිතව ඉන්නවා මොකද අපේ වෛද්‍යවරයාත් මෙතන..." - T20 තරඟාවලියට මහනුවර බලා ගිය නවසීලන්ත කණ්ඩායමේ ක්‍රීඩකයින්ට සිදු වූ අකරතැබ්බය - (video)

කටුනායක වෙළඳ කලාප ක්‍රීඩාංගණයේ පෙරේදා  පැවති පුහුණු පන්දුවාර 20 ක්‍රිකට් තරගයෙන් අනතුරුව මහනුවර බලා පිටත් වූ නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම රැගත් බස් රථය කාර්මික දෝෂයකට ලක්ව තිබෙනවා.

කණ්ඩායමේ කළමනාකරු මයික් සැන්ඩ්ල් එම සිදුවීම පිලිබඳ විස්තර කරන දර්ශන පෙළක් නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායමේ නිල ට්විටර් ගිණුමට එක් කර තිබුණා.


"බස් රථය කන්දක දී කාර්මික දෝෂයකට ලක් වුණා. ඒ වෙලාවේ කණ්ඩායමේ වැඩි කොටසක් පස්සෙන් ආපු වෙනත් බස් රථයකට නැග්ගා. තවත් පිරිසක් වෑන් රථයක යනවා. ඉතුරුවුණු අපි කීප දෙනා මේ ගිලන් රථයට නැග ගත්තා. අපි ආරක්ෂිතව ඉන්නවා මොකද අපේ වෛද්‍යවරයාත් මෙතන. සමහර වෙලාවට අපිට අවස්ථාව අනුව හැඩගැහෙන්න සිදු වෙනවා. අපේ කණ්ඩායම ඊට දක්ෂයි..."
gossip lanka