ස්භාවික සෞන්දර්ය අතින් ලංකාව කොයි තරම් ඉහළක වැජඹෙනවද යන වග ඔබට අපි අමුතුවෙන් කියන්න ඕනි නැහැ.
එපමණක් සුවිශේෂී නිර්මාණ රාශීයකට අපි හිමිකම් කියනවා. සංචාරක ආකර්ශනය අතින් ඉහළම සන්ධිස්ථානය ඉන්න අපේ රටේ මේ ස්වභාවික සෞන්දර්ය බොහෝ විට අපවිත්ර කරන පිරිස්ද නැතුවාම නොවෙයි.
මේ අපූරු වැඩේ ගැන කියන්න කලින්, ඔබට ලෝකාන්තය ගැන කියන්න වෙනවා. ලෝකාන්ත කිහිපයක් තියනවා. ඒ අතරින් "පුංචි ලෝකාන්තය" නමින් කවුරුත් දන්න සුන්දර ස්ථානයට ඔබ ගිහිනුත් ඇති.
ශ්රී ලංකාවේ නැගෙනහිර වෙරළට යනකම් ඈතින් ඈතට පෙනෙන සුන්දර දර්ශණ මෙතැනදී ඔබට දැකගන්න පුළුවන්.
ඒ කොහොම වුණත් ස්භාව සෞන්දර්ය ප්රිය නොකරන අනුවණ පිරිස් මේ පුංචි ලෝකාන්තයේ නාම පුවරුවකට (යොමුවකට) හානි පමුණලා තිබුණා.
ඉතින් ඒ යොමුව නැවත වතාවක් ප්රතිසංස්කරණය කරපු තරුණයින් පිරිසක් ඒ ගැන මුහුණු පොතේ සටහනක් පළ කර තිබුණේ ඡායාරූප කිහිපයකුත් එකතු කරන ගමන්.
එම ඡායාරූප හා සටහන පහතින් බලන්න...
මිනිසුන් විසින්ම හානි කරපු පුංචි ලෝකාන්තයේ නාම පුවරුව තරුණයින් පිරිසකගේ ශ්රමයෙන් අලුත් වුණේ මෙහෙමයි - (Photos)
2019-08-28T21:39:00-07:00
Gossip Lanka Hot News
slide|