කොතරම් මිල මුදල් සැප සම්පත් තිබුණත් දවසක මේ හැමදේම නැති වෙන දවසකුත් එනවා. විවිධ හේතු නිසා එහෙම වෙන්න පුළුවන්. මේ කියන්න යන්නේ ඒ වගේ ලස්සන ජිවිතයක් ගත කරලා අසනීප තත්ත්වයක් නිසා අසරණ වුණු තරුණයෙක් ගැන. ඔහු නමින් මනිෂ. ඔහුගේ වයස අවුරුදු 40යි. ඔහුගේ ආදරණිය බිරිද රුසියානු කාන්තාවක්. ඔහු වකුගඩු රෝගියෙක්. ඔහුගේ වකුගඩු දෙකම මේ වෙද්දී අක්‍රමවත් තත්ත්වයක තියෙන්නේ. ඒ නිසා ඔහුට දිනපතා ප්‍රතිකාර කිරීම අවශ්‍ය වෙනවා.
"අවුරුදු තුනක් මගේ ප්‍රතිකාර සදහා උදව් කළේ මගේ දෙමාපියන්. මේ වෙද්දී ඒ දෙන්නා විශ්‍රාමිකයි. ඒ නිසා මට මගේ දෙමාපියන්ට බරක් වෙන්න බැහැ. මමයි මගේ බිරිදයි තීරණය කළා කෑම හදලා කාටවත් බරක් නොවී ඒවා විකුණලා සල්ලි හොයා ගන්න. ඒ නිසයි මම එවැනි දෙයකට යොමු වුණේ. මේ වෙනකල් මම කාගෙන්වත් මුදල් ගත්තේ නැහැ. දැන් වංචා කරන මිනිස්සු ඉන්න නිසා මම ගැනත් වැරදි වැටහීමක් ඇති කරගනියි කියලා.අපෙන් බත් අරගෙන අපිට සහයෝගයක් දක්වන්න කියලයි මම ඉල්ලන්නේ, කාට හෝ උපකාරයක් කරන්න පුළුවන් නම් මට ඒක උදව්වක් වෙයි..හයියක් වෙයි.."
ඒ මනිෂ ගේ අහිංසක ඉල්ලීමයි.
මනිෂගේ දුරකථන අංකය 077 122 1768
"අපෙන් බත් අරගෙන අපිට සහයෝගයක් දක්වන්න කියලයි මම ඉල්ලන්නේ.." - කාටත් අත නොපා රුසියානු බිරිඳ එක්ක බත් විකුණන වකුගඩු රෝගී මනිෂගේ සංවේදී කතාව - (Photos)
2019-08-26T21:03:00-07:00
Gossip Lanka Hot News
slide|