උපන්දිනේට ජගුවාර් නෑ කියලා BMW එක ගඟට දාලා - (video)

සිය උපන්දින ත්‍යාගය වෙනුවෙන් ලද BMW මෝටර් රථයක් නදියක ගිල්ලවූ පුද්ගලයෙකු පිළිබඳ පුවතක් ඉන්දියාවේ හර්යානා ප්‍රාන්තයේ යමුනානගර් ප්‍රදේශයෙන් වාර්තා වේ.
ඔහු මෙලෙස සිය වටිනා උපන්දින ත්‍යාගය නදියක ගිල්වා ඇත්තේ සිය දෙමාපියන් විසින් ඔහුට සුඛෝපභෝගී ජගුවාර් මෝටර් රථයක් වෙනුවට BMW මෝටර් රථයක් ලබාදීම සමග කෝපයට පත්වීමෙන් බව ඉන්දීය මාධ්‍ය සඳහන් කරයි.

මෙම මෝටර් රථය නදියේ පාවීගොස් උස් තෘණ අතර රැඳෙන අයුරු සමාජ මාධ්‍යවල පළ කරන ලද වීඩියෝ වලින් පෙන්නුම් කරයි.

ප්‍රාදේශයේ ධනවත් ඉඩම් හිමියෙකුගේ පුතෙකු යැයි පැවසෙන මෙම පුද්ගලයා පසුව සිය මෝටර් රථය බේරාගැනීමට උත්සහ දරා ඇති බවද විදෙස් වාර්තා සඳහන් කරයි.

සිද්ධිය සම්බන්ධයෙන් ඉන්දීය පොලිසිය පරීක්ෂණ පවත්වමින් සිටියි.

ඉන්දියානු වෙළඳපොළ තුළ BMW මෝටර් රථයක මිල ඉන්දීය රුපියල් මිලියන 3.5 ක් පමණ වන අතර ජගුවාර් රථයකට මිල ඉන්දීය රුපියල් මිලියන 4-5ක් පමණ වේ.
gossip lanka