gossip lanka

"හුස්ම හිරකරලා පහර දෙන ගමන් විනාඩි 25ක් මාව දූෂණය කළා.." - දුෂණයට ලක් වූ සිත්තරාවිය අපරාධකරුවන් රැසක් සිරගෙට යැවු හැටි - (Photos)

අපරාධකරුවා හදුනාගත නොහැකිව වැළලී යාමට නියමිතව තිබූ අපරාධ චෝදනා නැවත සක්‍රිය කලේ ඇගේ දෑතිනි. ඇය හදුනාගත් අපරාධකරුවන්ගෙන් 1266 ක් සිර දඩුවමි ලබා හෝ තවමත් එය ගෙවා දමනවා විය හැක.
එය ගිනස් වාර්තාවකි. තනි සිත්තරෙක් විසින් මෙතරමි අපරාධකරුවන් ප්‍රමාණයක් හදුනාගත් බිමි කඩක් ඇමෙරිකා එක්සත් ඡනපදයේ හැර ලෝකයේ වෙන කොහේ හෝ නැත.ලොයිස් ගිබිසන් යනු අපරාධ විද්‍යාව ඉගෙණ ගෙන ඒ ඇසුරෙන් අපරාධකරුවන් හදුනාගන්නා අධිකරණ සිත්තරාවියකි.ඇය එක්සත් ජනපදයේ සිටින එවැනි වෘත්තිකයන් 26 දෙනාගෙන් එක් අයෙකි.ඇමෙරිකා එක්සත් ඡනපදයේ ඇය නිසා සිරබත් කෑ අපරාධ කරුවන්ගේ ගණන 1266 කි.

ඇගේ අතීතය ශෝකාන්තයකි.

ගිබ්සන් අපරාධකරුවන්ට එරෙහි සටන පැමිණියේ ඇයම දූෂණය වු පසුය. වයස අවුරුදු 21 දී ඇය නිරූපිකාවක් හා නර්තන ශිල්පිනියක් වූ අතර ලොස් ඇන්ජලීස් හි ජීවත් වූවාය. එහෙත් බිහිසුණු ස්ත්‍රී දූෂණයක් ඇගේ ජීවිතය වෙනස් කරමින්, ඇයට අධිකරණ සිත්තාරවියක වීමට මඟ පෙන්වීය

දූෂකයා ඇය පෙරළාගෙන විනාඩි 25 ක් පමණ ඇගේ හුස්ම හිරකරමික් පහර දෙමින් ඇයව දූෂනය කල අතර දූෂණයෙන් පසු ඇගේ උගුරින් සහ ඇස්වලින් ලේ ගලා ගියේය. මම දැඩි කම්පනයට පත්වූ අතර පුරා සතියක් කිසිවකු මුණ නොගැසී මගේ කාමරයේ හුදෙකලාව අඩමින් වැලෙපෙමින් සිටියෙමි. මම යුක්තිය ඉල්ලා සිටියෙමි - නමුත් මට එය ලබා ගත නොහැකි විය," ඇය පවසා තිබිණි.

‘මම හිතුවේ පොලිසිය හිතන්නේ ඒක මගේ වැරැද්දක් කියලයි. ටික කාලයක්  මම හැමෝටම බය වුණා. ’

එහෙත් ඇය ඡීවිතය අත්හලේ නැත.ඇය රංගනයට හා නර්තනයට ප්‍රිය කළ තරමටම කලාව ඇගේ සැබෑ ආශාව වූ නිසා ඇය ටෙක්සාස් වෙත ගොස් ලලිත කලාව පිළිබඳ උපාධියක් හැදෑරීය.දිනක් ඇය සිය 12 හැවිරිදි සිසු සිසුවියන් ඉදිරිපිට නර්තන උපදේශකවරියක් දූෂණය කිරීම පිළිබඳ ප්‍රවෘත්තියක් දුටුවාය.ඇයට මහා වෛරී සහගත කෝපයක් දැනුණි, ඇගේ අතීතය ඇගේ මනස හරහා ඇවිත් නෑවිත් තිබිණි. ඔවු මුන්ට නිදැල්ලෙ ඉන්න දෙන්න නරකයි. වින්දිතයා එක්ක මම කතා කළොත් සමහරවිට දූෂකයාව ඇදල දෙන්න මට පුලුවන් වෙිවි. ඒ අනුව ඇය වින්දිතයා සොයා අසලවු ඉන්ධන පිරවුමි හලට ගියාය. වින්දිතයා කලු හිසකෙස්, අඳුරු ඇස් සහ දීප්තිමත් සුදු දත් ඇති මිනිසෙකු විස්තර කළ අතර ලොයිස් ඉක්මනින් සිතුවම් කරද්දී විචිත්‍රවත් චිත්‍රයක් මතු විය.

'' හරියටම හරි ඌ තමයි '' යැයි ඇය කියද්දී ලොයිස් ගිබිසන් ක්ලාන්ත විය.

ඒ ඇගේ අපරාධකරුවා හදුනාගත් ප්‍රථම සිතුවමයි .

විශ්මයඡනක ලෙස හිස් කබලේ ස්වරූපයෙන් පමණකින් වුව ගිබිස්න්ට ඔහු හෝ ඇය ඡීවමානව සිටි ස්වරූපය නිවැරදිව ඇදීමට හැක ඒ ඇගේ හසල ඡීව විද්‍යාත්මක දැනුමයි .2007 දී නාඳුනන ගැහැණු ළමයෙක් ඇගේ ඇග මස් දියවී ඇට සැකිල්ලට ඇලුණු ගවුමක් පමණක් ඇතිව වෙරළ තීරයකට ගොඩගසා තිබිණි. ගිබිසන් කුඩා දැරිවිය සිත්තමි කර තිබුණේ නිල් දෑසක් සහ දුඹුරැ පැහැ හිසකේ වලිනි. දින 3 ක රෑපවාහිනී දැන්වීමකට පසු ‘‘ මේ ඉන්නේ මගේ දුවගේ බාල දුව රයිලී ඈන් සෝයර් Riley Ann Sawyers.‘‘ බව ඇගේ මිත්තනිය පොලිසියට පැමිණ කීවාය. රයිලිව මරා දමා තිබුණේ ඇගේ මව සහ ඇගේ දෙවැනි සැමියාය. ඔවුන් දෙදෙනාම චෝදනාවට වරදකරුවන් වු අතර සිර දඩුවමි ලබමින් සිටිත් “1990 දී, අට හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස්, දූෂණය කර ඇය වෙිදනාවෙන් සහ ශෝකයෙන් සිටි රෝහල් ඇඳ අසල මම වාඩි වුණා ලොයිස් පවසයි.““ අපි මේ ඡරා සතාව අල්ලන්නයි යන්නේ වස්තුවෙි ”මම ඇයට මෘදු ලෙස පැවසූ අතර, ඇගේ කුඩා මුහුණේ නැගුණ සිනහව මට මියයනතුරාවට අමතක නොවෙි.

මට දැන් 70 යි එත් මම විශ්‍රාම යන්නෙ නෑ මොකද.මිනීමරුවෙකු, ස්ත්‍රී දූෂකයෙකු හෝ අපයෝජකයෙකු පිළිබඳ ප්‍රවෘත්තියක් ඇසෙන සෑම අවස්ථාවකම මම උදව් කළ යුතු බව මම දනිමි.අපරාධවලට ගොදුරු වූවන්ට සාධාරණය ඉටු කිරීම මම කිසි විටෙකත් නතර නොකරමි.මට අත අහිමි වුවහොත්, මම කොක්කක් ලබාගෙන දිගටම චිත්‍ර ඇඳීමි.’ ලොයිස් ගිබිසන් කියනව.

උපාලි ජයසිංහ
gossip lanka