ලෙයට ලෙය පළිගන්න අයියා මලෝ කංජිපානිගෙන් අවසර ගත් හැටි

කොළඹ කොටහේනේ ජනාකීර්ණ ප‍්‍රදේශයක පිහිටි එක්තරා නිවසක පුංචි මත්පැන් සාදයකි. කොළඹ පාතාලයේ කෙරුම්කාරයන් කීප දෙනෙක්ම මේ මත්පැන් සාදයට සහභාගි වී සිටියහ.

මේ පාතාල මැරයන් තමන් සිදුකළ අපරාධවල පුරාජේරු කියමින් මහ හඬින් කෑගසමින් ප‍්‍රීතිවන්නට වූහ.
කොටහේන ජම්පටා වීදියේ පාතාල ආධිපත්‍යය ගොඩන`ගාගෙන සිටි සෙල්ලී පුත‍්‍රයන් දෙදෙනා වන රිමෝෂන් සහ කැනිස්ටස් ද මේ මත්පැන් සාදයට එක්ව සිටියහ.

සාදයට එක්ව සිටි පාතාල මැරයන් විනෝද වෙමින් කෑකෝ ගසමින් සිටියද රිමෝෂන් සහ කැනිස්ටස් සිටියේ තරමක තැතිගැන්මකින් යුතුවය.

‘උඹලා කොළඹ අන්ඩර්වර්ල්ඞ් එකට අලූත් උන්. උඹලට හැදෙන්න තව කල් තියෙනවා. පාතාලෙ ගැන අපෙන් ගුරුහරුකම් ගනිල්ලා.’

සාදයේ සිටි තරමක් වියපත් වූ මැරයකු රිමෝෂන්ගේ පිටට තට්ටු කරමින් කීවේය. සෙල්ලිගේ පුත‍්‍රයන් දෙදෙනා යන්තම් විසිවැනි විය ඉක්ම වූවන්ය. තම පවුලේ සාමාජිකයන් වෙත එල්ල වූ පාතාල ප‍්‍රහාරයන් හමුවේ අසරණ වී සිටි මේ තරුණයන් දෙදෙනා තරුණ වියට එළඹීමත් සමගම පාතාල ලෝකයට අවතීර්ණ වූහ.

ඒ තම මව වන සෙල්ලී සහ පවුලේ සාමාජිකයන් ඝාතනය කිරීමේ වෛරය ලෙයට ලෙයින් පිරිමසා
ගැනීමටය.

කොටහේනේ නිවසේ පැවති මත්පැන් සාදයට කංජිපානි ඉම්රාන්ගේ පාතාල කල්ලියේ සමීපතමයකු ද එක්ව සිටියේය. ඒ වන විට කංජිපානි ඉම්රාන් කොළඹ පාතාලයේ මහා කෙරුම්කාරයකුව සිටියේය.

කංජිපානි ඉම්රාන් ඩුබායි දේශයේ සිට කොළඹ පාතාලයේ හෙරොයින් ජාවාරම මෙහෙයවමින් සිටියේය. කංජිපානි ඉම්රාන් මාකඳුරේ මධුෂ් සුසංයෝගය කොළඹ පාතාලය පමණක් නොව මුළු රටේම පාතාල ක‍්‍රියාකාරකම් පිටුපස සිටි බව ප‍්‍රසිද්ධ රහසක් බවට පත්ව තිබුණේය.

සාදයට එක්ව සිටි කංජිපානි ඉම්රාන්ගේ කල්ලියේ සමීපතමයා රිමෝෂන් ගේ සහ කැනිස්ටස්ගේ ගජ මිතුරෙකි. මොවුන් මුණගැසෙන්නේ දැන හඳුනාගෙන මිතුරන් බවට පත්වන්නේ වැලිකඩ බන්ධනාගාරයේදීය.

‘අපිට මේ වෙලාවේ ඉම්රාන් අයියගේ උදව් ඕනෙ. එහෙම නැති වුණොත් පූකුඩුකන්නයි. බුම්මයි අපි දෙන්නව නැති කරලා දානවා. අපේ හත්මුතු පරම්පරාවම විනාශ කරනවා...’

රිමෝෂන් කංජිපානි ඉම්රාන්ගේ සමීපතමයාට කීවේය. සැබැවින්ම සෙල්ලිගේ පුත‍්‍රයන් දෙදෙනා මේ සාදයට පැමිණ සිටියේ මත්පැන් බී ප‍්‍රීතිවීමට නොව කංජිපානි ඉම්රාන්ගේ සමීපතමයා හමුවීමටය.

ඔවුන්ට අවශ්‍ය වී තිබුණේ කෙසේ හෝ ඩුබායිහි සිටින කංජිපානි ඉම්රාන්ට දුරකථනයෙන් කතා කිරීමටය. ඉම්රාන්ගේ පාතාල කල්ලිය සම`ග සම්බන්ධතාවක් ගොඩන`ගාගෙන තමන්ට එල්ල වී ඇති තර්ජන ගර්ජනවලින් බේරීමටය.

තම ප‍්‍රතිවිරුද්ධ පාතාල කල්ලිය සම`ග සටන් කිරීම ලෙහෙසි පහසු කාර්යයක් නොවන බව ඒ වන විට රිමෝෂන් සහ කැනිස්ටස් තේරුම් ගෙන සිටියහ.

කංජිපානි ඉම්රාන්ගේ සමීපතමයා ඒ මොහොතේම දුරකථනයෙන් ඩුබායිහි සිටින තම ප‍්‍රධානියාට ඇමතුමක් ලබා ගත්තේය. මොවුන් හැම විටම දුරකථන ඇමතුම් ලබා ගන්නේ වයිබර් හෝ වට්ස්අප් දුරකථන මාර්ගවලින්ය.

‘ඉම්රාන් අයියා මගේ ළ`ග ඉන්නවා හොඳ කොල්ලො දෙන්නෙක්. උන් දෙන්නා ඕනෙම වැඩකට ෆෝවර්ඞ්. ඉම්රාන් අයියා උන් දෙන්නව දන්නවත් ඇති. ජම්පටාවීදියේ සෙල්ලි තමයි උන්ගෙ අම්මා.’ පාතාල මැරයා සෙල්ලිගේ පුත‍්‍රයන් දෙදෙනා පිළිබඳ සියලූ විස්තර කංජිපානි ඉම්රාන්ට කීවේය.

ඉම්රාන් අයියා මුන් දෙන්නට ලොකු අසාධාරණයක් වෙලා තියෙන්නේ. පූකුඩුකන්නයි. බුම්මයි කොයි වෙලාවෙ හරි මුන් දෙන්නවත් ස්වර්ගයට යවනවා. ඒ නිසා අපි ඉස්සර වෙන්න ඕනෙ අපි මුන්ට උදව් කරමු.’

මැරයා තම කල්ලියේ ප‍්‍රධානියා වූ කංජිපානි ඉම්රාන්ට කීවේය. ඔහු රිමෝෂන්ට කංජිපානි ඉම්රාන්හට දුරකථනයෙන් කතා කිරීමට ද අවස්ථාව ලබා දුන්නේය.

‘අනේ ඉම්රාන් අයියා මේ වෙලාවෙ අපට උදව් කරන්න. පූකුඩුකන්නයි. බුම්මයි අපේ හත්මුතු පරම්පරාවම නැති කරලා දාන්න හදන්නෙ. උන්ට ඕනෙ කොටහේනෙ පාතාල බලය අල්ලන්න.’

දෙමටගොඩ චමින්ද පුළුවන් තරම් අපි දෙන්නගෙන් වැඩ ගත්තා. අපි අමාරුවෙ වැටුණම ඇහැක් ඇරල බැලූවෙ නැහැ. අපිට දැන් කාගෙවත් පිළිසරණක් නැහැ. ඉම්රාන් අයියා මේ වෙලාවෙ අපිට උදව් කළොත් අපි අයියා වෙනුවෙන් ඕනෙම දෙයක් කරන්න ලෑස්තියි...’

සෙල්ලිගේ වැඩිමහල් පුත‍්‍රයා වූ රිමෝෂන් ඩුබායිහි සිටින කංජිපානි ඉම්රාන්ට සියලූ විස්තර කියා සිටියේ ඔහුගෙන් කිසියම් වූ රැකවරණයක් ලබා ගැනීමේ බලාපොරොත්තු ඇතිවය.

‘හරි හරි උඹලා බය නැතිව හිටපල්ලා. අපි හැම දෙයක්ම බලා ගන්නම්. දෙමටගොඩ චමින්දය වගේ නෙමෙයි අපි. අපේ වැඩවලට සෙට්වෙලා අපට උදව් කළොත් කවදාවත් අපි අතාරින්නෙ නැහැ.’

කංජිපානි ඉම්රාන් රිමෝෂන්ට කීවේය.

‘මට කරගන්න ඕනෙ වැඩ කීපයක් තියෙනවා. ඒටික කරලා දීපල්ලා. ඊට පස්සෙ අපි උඹලගෙ හැම දේකටම උදව් කරනවා...’

කංජිපානි ඉම්රාන් තමන්ට සහාය දැක්වීමට ඉදිරිපත් වීම ගැන රිමෝෂන් මෙන්ම කැනිස්ටස් ද දැඩි ලෙස සතුටට පත්වූහ. ඔවුන් දෙදෙනා එදින සාදයට සමුදුන්නේ ප‍්‍රීති ප‍්‍රමෝදයෙන් යුතුවය.

කොටහේන ජම්පටා වීදියේ පාතාල රැජන ලෙස හැඳින්වූයේ සෙල්ලීය. වසර ගණනක් තිස්සේ හෙරොයින් ජාවාරමේ නිරත වූ සෙල්ලී කොටහේන ජම්පටාවීදිය ප‍්‍රදේශය පුරා තම ආධිපත්‍යය ගොඩන`ගාගෙන සිටියාය.

pathala2සෙල්ලී පදිංචිව සිටි ජම්පටා වීදියේ පිහිටි වත්ත සෙල්ලීගේ වත්ත ලෙස හඳුන්වන තරමටම ඇය කූප‍්‍රකට චරිතයක් වූවාය. මීට වසර හත අටකට උඩදී කොටහේනේ ප‍්‍රධාන පෙළේ හෙරොයින් ජාවාරම්කාරිය වූයේද කුඩු සෙල්ලීය. ඇයගේ ආධිපත්‍යයට පිටින් කිසිවකුටත් කොටහේන ප‍්‍රදේශයේ හෙරොයින් අලෙවි කිරීමට තබා ගංජා මිටියක්වත් අලෙවි කිරීමට ඉඩ ලැබුණේ නැත.

හෙරොයින් ජාවාරම් සම්බන්ධයෙන් සෙල්ලී සහ රීගන් අතර පැවතියේ සීතල යුද්ධයකි. රීගන් යනු කොටහේනේ තවත් පාතාල මැරයෙකි. කොටහේනේ හෙරොයින් ජාවාරමට අතගසා සිටි රීගන් ප‍්‍රසිද්ධියේම කුඩු සෙල්ලීට අභියෝග කළේය.

කොටහේන ප‍්‍රදේශයේ පාතාල බලයක් ගොඩන`ගාගෙන සිටි බාලචන්ද්‍රන් පුෂ්පරාජ් නොහොත් පූකුඩුකන්නා කිඹුලාඇළේ ගුණා නමැති පාතාල නායකයාගේ සමීපතම ඥාතියෙකි. කිඹුලා ඇළේ ගුණාගෙන් පාතාල බෞතිස්ම ලැබූ පූකුඩුකන්නා කොටහේන ප‍්‍රදේශයේ පාතාල බලය පතුරුවා ගැනීමට කටයුතු කරමින් සිටියේය.

රීගන් හා පූකුඩුකන්නා සමීප මිතුරන් වූහ. ඔවුන් හෙරොයින් ජාවාරම කළේ එකටය. පාතාල මැර ක‍්‍රියාවල නිරත වුණේද එකටමය. රීගන් කුඩු සෙල්ලි ගැටුම නිසා සෙල්ලීගේ ඥාතීන් කීප දෙනෙකුටම ජීවිත අහිමිවී තිබිණි. කුඩු සෙල්ලී මරා දමා පවුල්පිටින් විනාශ කර දමන බවට රීගන් ප‍්‍රසිද්ධියේම අනතුරු අ`ගවා තිබුණේය. රීගන්ගේ තර්ජන ගර්ජනවලින් කුඩු සෙල්ලී සැලූණේ නැත. රීගන්ට පෙර තමන් ඉස්සර විය යුතු බව සෙල්ලී හැම විටම සිතුවාය.

ඒ වන විට සෙල්ලීගේ පුත‍්‍රයන් දෙදෙනා වන රිමෝෂන් සහ කැනිස්ටස් පාසල් යන වයසේ පසුවූ දරුවන්ය. රීගන් දිනක් කුඩු සෙල්ලීගේ නිවසට කඩාවැදුණේ ඇය ඝාතනය කර කාලයක් තිස්සේ සිතේ සිරකර ගෙන සිටි වෛරය පිරිමසා ගැනීමටය. එහෙත් එදින රීගන්ට වැරදුණේය.

කුඩු සෙල්ලී ඇගේ පුත‍්‍රයන් දෙදෙනා සහ සැමියා එක්ව රීගන්ට තියුණු ආයුධවලින් පහරදී ඔහු මරා දැමූහ. රීගන් මරා දැමීමෙන් පසු තමන්ට එල්ල වන පාතාල තර්ජන අභියෝග සියල්ල පහව යනු ඇතැයි කුඩු සෙල්ලී සිතුවාය. එහෙත් එය සිතුවිල්ලක් පමණක් විය. චාල්ස් රීගන් ඝාතනය කිරීමෙන් දැඩි ලෙස කෝපයට පත්වූ පූකුඩුකන්නා කුඩු සෙල්ලී පමණක් නොව ඇගේ පවුල පිටින්ම පරලොව යැවීමට සැලසුම් සකස් කරන්නට වුණේය.

රීගන් ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් සෙල්ලීගේ පුත‍්‍රයන් දෙදෙනා මෙන්ම සැමියාද බන්ධනාගාරගත කෙරිණි. සෙල්ලී තම නිවසේ තනිවූවාය. අවස්ථාවෙන් ප‍්‍රයෝජන ගත් පූකුඩුකන්නා තම කල්ලියේ ප‍්‍රබලයකු වූ කෙනඩි නොහොත් බුම්බා යොදාගෙන කුඩු සෙල්ලී ඝාතනය කිරීමට සැලසුම් සකස් කළේය.

කුඩු සෙල්ලී පදිංචිව සිටි නිවසට කඩාවැදුණු බුම්මා ඇයට වෙඩි තබා ඝාතනය කර පලා යන්නේ දීර්ඝ කාලයක් තිස්සේ කොටහේන පුරා ඇය පතුරුවාගෙන සිටි පාතාල බලය සුණුවිසුණු කරමින්ය.

තම මව ඝාතනය කිරීම ගැන රිමෝෂන් සහ කැනිස්ටස් සිටියේ දැඩි වෛරයකින් යුතුවය. බන්ධනාගාරයෙන් පිටතට පැමිණි පසු කොයි මොහොතක හෝ පූකුඩුකන්නා සහ බුම්මා තම ජීවිත විනාශ කර දමන බව රිමෝෂන් මෙන්ම කැනිස්ටස් ද හොඳින් දැන සිටියහ.

සෙල්ලිගේ පුතුන් දෙදෙනා කලක් දෙමටගොඩ චමින්ද නමැති පාතාල මැරයාගේ කල්ලියට සම්බන්ධ වී වැඩ කළාය. එහෙත් ඔහුගෙන් සෙල්ලීගේ පුත‍්‍රයන් දෙදෙනාට ප‍්‍රති උපකාර ලැබුණේ නැත. (දෙමටගොඩ චමින්ද භාරත ලක්‍ෂ්මන් පේ‍්‍රමචන්ද්‍ර ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් මරණ දඬුවම නියම වී බන්ධනාගාරගතව සිටියි).

කංජිපානි ඉම්රාන්ගේ සමීපතම සගයකු රිමෝෂන්ට සහ කැනිස්ටස්ට දැන හඳුනාගන්නට ලැබෙන්නේ වැලිකඩ බන්ධනාගාරයේ සිටියදීය. මොවුන් දෙදෙනා කංජිපානි ඉම්රාන්ගේ පාතාල කල්ලිය සමග අත්වැල් බැඳ ගැනීමට කැමැත්ත පළකරන්නේ තම රැකවරණය ගැන සිතමින්ය.

ඒ වන විට කොටහේන ප‍්‍රදේශය පුරා පූකුඩුකන්නා සහ බුම්මා සිය පාතාල බලය ව්‍යාප්ත කරගෙන සිටියහ. තම මව ඝාතනය කිරීමේ වෛරය පිරිමසා ගැනීම රිමෝෂන්ගේ සහ කැනිස්ටස්ගේ එකම අභිප‍්‍රාය විය. ඇපමත මුදාහැරීමෙන් පසු සෙල්ලීගේ තරුණ පුතුන් දෙදෙනා නැවත ජම්පටාවීදියට පැමිණියාය. එහෙත් ඔවුන්ට වැඩි දවසක් ජම්පටා වීදියේ පදිංචි වී සිටීමට ඉඩ ලැබුණේ නැත.

පූකුඩුකන්නා සහ බුම්මා මෙහෙයවන පාතාල මැරයන් රිමෝෂන් සහ කැනිස්ටස් ලූහුබඳින්නට වූහ. මොවුන් දෙදෙනා ආරක්‍ෂිත ස්ථානවල සැ`ගවුණේ ඒ වන විට මේ පාතාල කල්ලිය සම`ග හැප්පීමට තරම් ශක්තියක් නොවූ නිසාය.

ඒ වන විට රිමෝෂන් සහ කැනිස්ටස් සිටියේ දැඩි ලෙස අසරණ තත්ත්වයකය. ඔවුන්ට ප‍්‍රබල පාතාල කල්ලියක පිහිට අවශ්‍යව තිබුණේය.

කංජිපානි අයියගේ සපෝර්ට් එක අපිට ඕනෙ. එහෙම නොවුණොත් ලොකු විනාශයක් වෙනවා. රිමෝෂන් සහ කැනිස්ටස් කංජිපානි ඉම්රාන්ගේ සමීපතම සගයා මුණගැසී උදව් ඉල්ලා සිටියහ. ඔහු ඒ මොහොතේම කංජිපානි ඉම්රාන්ට දුරකථනයෙන් කතා කළේය.

‘මගේ වැඩ කීපයක් තියෙනවා මේ කොල්ලො දෙන්න දාලා ඒ ටික කරගන්න ඕනෙ. උන් දෙන්න වැඩ කරන හැටි බලලා අපි උන්ට උදව් කරමු....’

කංජිපානි ඉම්රාන් තම සගයාට කීවේය.

ඉකුත් වසරේ මුල් කාර්තුව වන විට කොළඹ පාතාලය උණුසුම්ව ගොස් තිබුණේය. මාකඳුරේ මධුෂ්. කංජිපානි ඉම්රාන් පාතාල කල්ලි කොළඹ නගරයේ මෙන්ම තදාසන්න ප‍්‍රදේශවල එක දිගට අපරාධ කරමින් මුළු පාතාල ලෝකයම කැළඹීමට පත්කරමින් සිටියහ.

මේ අතර මාකඳුරේ මධුෂ්ගේ සමීපතම සගයා ලෙස සැලකෙන මොහොමඞ් රිස්කාන් අලූත්කඬේ ප‍්‍රදේශයේදී ඝාතනය කෙරිණි. ‘ඩ්‍රොප්මී’ නමැති වාහන කුලී පදනම මත ලබාදෙන ආයතනයේ හිමිකරු වූ රිස්කාන් ඝාතනය කරන්නේ කඩුවෙල පාතාල කල්ලිය විසින්ය.

රණාලේ සමයා ඇතුළු 07 දෙනකු කළුතර බන්ධනාගාර බස් රථය තුළදී ඝාතනය කිරීමේ සිද්ධියට පළිගැනීම සඳහා රිස්කාන් ඝාතනය කළ බව මුළු පාතාලයම දැන සිටියහ.

සමයා ඇතුළු පිරිස ඝාතනයට නායකත්වය දී තිබුණේ මාකඳුරේ මධුෂ්ය. මාකඳුරේ මධුෂ්ට රිදවීමට ඇති හොඳම මාර්ගය ඔහුගේ සමීපතම ව්‍යාපාරික සගයා වූ රිස්කාන් ඝාතනය බව තේරුම්ගෙන සිටි කඩුවෙල පාතාල කල්ලිය සිය ප‍්‍රහාරය දියත් කර තිබුණේය.

රිස්කාන් ඝාතනය ඇසීමෙන් මාකඳුරේ මධුෂ් මෙන්ම කංජිපානි ඉම්රාන් දැඩි ලෙස කෝපයට පත්වූහ. මේ ප‍්‍රහාරයට ගෑවුණු සියලූ දෙනා මරා දැමිය යුතු බවට මේ පාතාල මැරයන් දෙදෙනා තීරණය කළහ.

රිස්කාන් ඝාතනය කිරීම සඳහා ඝාතකයන්ට යතුරුපැදියක් ලබාදී තිබුණේ අංගොඩ පදිංචි කොස්මල්ලී විසින් බව මධුෂ් සොයා ගත්තේය.

රිස්කාන් ඝාතනයට පැමිණි එක් පුද්ගලයකු ප‍්‍රදේශවාසීන්ගේ ප‍්‍රහාරවලින් මරුමුවට පත්වූ අතර අනෙකා පොලිස් අත්අඩංගුවට පත්ව සිටියේය. රිස්කාන් ඝාතනයට පළිගැනීමට සිටි එකම පුද්ගලයා වූයේ කොස්මල්ලීය.

මධුෂ්ගේ පාතාල සගයන් කොස්මල්ලී පැහැරගෙන අ`ගුණුකොළපැලැස්ස ප‍්‍රදේශයේ හේනකට රැගෙන ගියහ. හේනේදී කොස්මල්ලී සමග වයිබර් දුරකථන ඔස්සේ මධුෂ් කතා කළේය. සංවාදයෙන් පසු වීඩියෝ දුරකථන ඇමතුම ඔස්සේ මධුෂ් බලා සිටියදීම උගේ සගයන් කොස්මල්ලී ඝාතනය කළහ.

පසුව කොස් මල්ලීගේ හිස කඳෙන් වෙන්කර කොළඹට රැගෙන ඒමට මධුෂ්ගේ සගයන් කටයුතු කළේය.

මධුෂ්ට අවශ්‍ය වී තිබුණේ කොස් මල්ලීගේ හිස අලූත්කඬේ අධිකරණය අසල ඇති රිස්කාන්ගේ වෙළෙඳ ආයතනය ඉදිරිපිට තැබීමය. රිස්කාන් ඝාතනයෙන් තමාට සිදුවූ අපකීර්තිය වසා ගැනීම සඳහා කොස්මල්ලීගේ හිස අලූත්කඬේ අධිකරණය ආසන්නයේ ප‍්‍රදර්ශනය කිරීමට මධුෂ්ට අවශ්‍ය විය.

කොළඹ නගරයේ රාත‍්‍රි කාලයේ මාර්ග බාධක යොදා වාහන පරීක්‍ෂා කිරීම් බහුලව සිදුවන නිසා මිනිස් හිසක් රැගෙන යෑම පහසු කටයුත්තක් නොවීය.

අ`ගුණුකොළපැලැස්සේ සිට කොළඹට රැගෙන එන කොස් මල්ලීගේ හිස අලූත්කඬේ අධිකරණය ආසන්නයට රැගෙන යෑම පහසු කටයුත්තක් නොවන්නේය. කොළඹට රැගෙන එන මිනිස් හිස අදාළ ස්ථානය වෙත රැගෙන යෑමේ කාර්ය කංජිපානි ඉම්රාන් භාරගත්තේය.

‘අපි මේ වැඬේ සෙල්ලීගේ පුතාලට භාර දෙමු. උන් දෙන්නගේ වැඩ කොහොමද කියලා අපිට මේකෙන් බලා ගන්නත් පුළුවන්. උන් වැඬේ හරියට කළොත් අපේ ඉදිරි වැඩවලට මේ කොල්ලො දෙන්න සම්බන්ධ කරගන්න පුළුවන් වෙයි.

කංජිපානි ඉම්රාන් තම සමීපතමයා වූ මාකඳුරේ මධුෂ්ට කීවේය. කංජිපානි ඉම්රාන් රිමෝෂන්ට දුරකථනයෙන් කතා කර අදාළ කොන්ත‍්‍රාත්තුව භාර දුන්නේය.

‘ඉම්රාන් අයියා කිසි දේකට බය වෙන්න එපා. අපි ඔය වැඬේ හරියටම කරලා දෙන්නම්. අපේ ඒරියා එකේ පොලිසිය මගඇරලා යන්න අපි දන්නවා..’

රිමෝෂන් කංජිපානි ඉම්රාන්ට කීවේය.

ඉකුත් වසරේ මාර්තු මස 6 වැනිදා රාත‍්‍රියේ මධුෂ්ගේ ගෝලබාලයන් කොස් මල්ලීගේ හිස කොළඹට රැගෙන ආහ.

රිමෝෂන් ආමර්වීදිය හන්දිය ආසන්නයේ යතුරුපැදියක නැගී මධුෂ්ගේ ගෝලබාලයන් කොස් මල්ලීගේ හිස රැගෙන එනතුරු බලා සිටියේය.

මධ්‍යම රාත‍්‍රිය ගෙවී යද්දී මධුෂ්ගේ ගෝලයන් කළුපැහැති මෝටර් රථයකින් ආමර්වීදිය හන්දියට පැමිණියහ. මෝටර් රථයේ ඩිකියේ ස`ගවා තිබූ කොස් මල්ලීගේ හිස සහිත කළු පැහැති බෑගය මධුෂ්ගේ ගෝලබාලයන් විසින් රිමෝෂන්ට භාර දුන්හ.

කොස්මල්ලීගේ හිස රැගෙන රිමෝෂන් අතුරු මාර්ග ඔස්සේ අලූත්කඬේ අධිකරණ සංකීර්ණය ආසන්නයට රැගෙන ආවේය. කංජිපානි ඉම්රාන්ගෙන් තමන්ට ලැබුණු නියෝග අනුව කොස් මල්ලීගේ හිස අධිකරණ සංකීර්ණය ආසන්නයේ ප‍්‍රධාන මාර්ගයේ දැමූ රිමෝෂන් හොර රහසේම පලා ගියේය.

තමන් රිමෝෂන්ට භාරදුන් මුල්ම කොන්ත‍්‍රාත්තුව ඉතාම සාර්ථක අන්දමින් ඉටුකිරීම පිළිබඳව කංජිපානි ඉම්රාන් රිමෝෂන්ට ස්තුති කළේය.

‘අපි උඹලාව චෙක් කරන්නත් එක්ක තමයි ඔය වැඬේ භාර දුන්නෙ. උඹලා ඒ දේ හරියට කළා. මිනිහෙක්ගෙ ඔලූවක් අරගෙන පොලිසියෙන් බේරිලා ? ජාමේ කොළඹ කරක්ගහන එක ලේසි වැඩක් නොවෙයි. ඒක කරන්න ලොකු හයියක් තියෙන්න ඕනෙ. බය නැතිව උඹ ඒ දේ කරපු එක ගැන අපිට සතුටුයි. උඹලාගේ ඕනෙම වැඩකට මමත් මධුෂ් අයියත් සපෝර්ට් කරනවා.

කංජිපානි ඉම්රාන් රිමෝෂන්ට දුරකථනයෙන් කතාකර කීවේය. කංජිපානි කියූ දෙයින් රිමෝෂන් දැඩි ලෙස සතුටට පත්වුණේය. තමන්ට ඒ වන විට ලොකුහයියක් ලැබී ඇති බව රිමෝෂන් සිතුවේය. පූකුඩුකන්නාගෙන් සහ බුම්මාගෙන් එල්ල වන තර්ජනවලට මුහුණදීමට තමන්ට විශාල ශක්තියක් ලැබී ඇති බව රිමෝෂන් මෙන්ම කැනිස්ටස් හොඳින් දැන සිටියහ.

ඇන්ටන් රාජ් යනු ප‍්‍රධාන පෙළේ හෙරොයින් ජාවාරම්කරුවෙකි. කංජිපානි ඉම්රාන් සහ මාකඳුරේ මධුෂ් සමග නිතර ගැටුම් ඇතිකර ගත් ඇන්ටන් රාජ් ඔවුන්ට අභියෝග කරමින් හෙරොයින් ජාවාරමේ නිරත වුණේය.

ඇන්ටන් රාජ් කලක් බන්ධනාගාරගතව සිටි අතර බන්ධනාගාරයේදී පවා ඔහු මධුෂ් සහ කංජිපානි ඉම්රාන් සමග ගැටුණේය.

ඇන්ටන් රාජ් බන්ධනාගාරයෙන් නිදහස ලබා පැමිණි පසුවද හෙරොයින් ජාවාරම අතහැරියේ නැත. ඔහු හෙරොයින් ජාවාරම මෙහෙයවීමට පටන් ගැනීම මධුෂ්ට මෙන්ම කංජිපානි ඉම්රාන්ටද විශාල අභියෝගයක් වන්නට පටන් ගත්තේය.

ඇන්ටන් රාජ් අයින් කළේ නැත්නම් අපිට ලොකු ප‍්‍රශ්නයක් වෙනවා. ඒ නිසා අපි මිනිහ ගැන තීන්දුවක් ගන්න ඕනෙ.’

ඩුබායි දේශයට වී මෙරට පාතාලය මෙහෙයවමින් සිටි කංජිපානි ඉම්රාන් සහ මාකඳුරේ මධුෂ් ඇන්ටන් රාජ්ගේ ඉරණම විසඳිය යුතු ආකාරය පිළිබඳව සාකච්ඡුා කළහ.

‘කොස් මල්ලීගේ කේස් එකත් හරියට කරපු නිසා අපි මේ වැඩෙත් රිමෝෂන්ට භාර දෙමු’

කංජිපානි ඉම්රාන් කළ යෝජනාවට මාකඳුරේ මධුෂ් ද එකපයින් කැමැති වුණේය. කංජිපානි ඉම්රාන් එදිනම රිමෝෂන්ට සහ ඔහුගේ සොහොයුරා වන කැනිස්ටස්ට දුරකථනයෙන්් කතා කළේය.

‘අපි තීරණය කළා උඹලට දෙවැනි කොන්ත‍්‍රාත් එකත් භාර දෙන්න. මේ වැඩෙත් හරියටම කරලා දෙන්න ඕනෙ.’ ‘කිසි දේකට බය වෙන්න එපා ඉම්රාන් අයියා. ඔයගොල්ලො අපි ගැන තියන විශ්වාසය අංශු මාත‍්‍රයකින්වත් අඩුකර ගන්න එපා. අපිට වැඬේ මොකක්ද කියන්න. අපි ඒක අකුරටම කරලා දෙන්නම්.

රිමෝෂන් මහත් උද්යෝගයෙන් කීවේය.

‘ඇන්ටන් රාජ් කියලා එකෙක් ඉන්නවා. ඌ මධුෂ් අයියගෙයි මගෙයි තරහ කාරයා. ඌ ඉන්න එක අපේ බිස්නස්වලට බාධාවක්. ඒ නිසා ඌව අයින් කරලා දාන්න ඕනෙ. වැඬේට ඕන කරන ආයුධයි කොල්ලෙකුයි බයික් එකයි අපි ලෑස්ති කරලා දෙන්නම්. උඹට තියෙන්නෙ මේ වැඬේ හරියටම කරලා දෙන්න’

කංජිපානි ඉම්රාන් දෙවැනි කොන්ත‍්‍රාත්තුවත් රිමෝෂන්ට භාරදෙමින් කීවේය.

මේ වැඬේ මම මල්ලිත් එක්ක කරන්නම්. අපිට බයික් එකක් ඕනෙත් නැහැ. ආයුධයක් හොයලා දෙන්න. අපි වැඬේ තිතට කරලා දෙන්නම්. ඇන්ටන් රාජ් ඝාතනය කිරීම සඳහා ආයුධයක් පමණක් ලබාදෙන ලෙස රිමෝෂන් ඉල්ලා සිටියේය.

ප‍්‍රහාරය සඳහා යෑමට යතුරුපැදියක් සොහොයුරන් දෙදෙනා සූදානම් කර ගත්තේය. රිමෝෂන් යතුරුපැදි පැදවීමේ දක්‍ෂයෙකි. ඒ නිසා ඔහු යතුරුපැදිය පැදීමට තීරණය කළේය.

ඇන්ටන් රාජ්ට වෙඩි තැබීමේ කාර්ය රිමෝෂන්ගේ සොහොයුරා වූ කැනිස්ටස් භාර ගත්තේය. ඇන්ටන්රාජ් යන එන ගමන් බිමන් පිළිබඳව සෙවීමට කංජිපානි ඉම්රාන් තම පාතාල කල්ලියේ සගයන් කීප දෙනෙකුම යොදවා සිටියේය. ඔවුන් ලබාගන්නා තොරතුරු රිමෝෂන් වෙත ඒ මොහොතේම ලබාදීමට කංජිපානි ඉම්රාන් කටයුතු කළේය.

ඇන්ටන් රාජ් ඝාතනය කිරීමට අවශ්‍ය කරන ගිනිඅවිය රිමෝෂන්ට ලබාදී තිබුණේය.

ඉකුත් වසරේ මාර්තු මස 19 වැනිදා දහවල් ඇන්ටන් රාජ් තම බිරිඳ සමග අලූත්කඬේ අධිකරණය හමුවේ පෙනී සිටියේ හෙරොයින් සම්බන්ධ නඩුවකටය. නඩු විභාගයෙන් පසු අඹුසැමි යුවළ නිවස බලා යෑමට පිටත් වූහ. ඔවුන් දෙදෙනා මෝටර් රථයේ නැගී කොටහේන මැසෙන්ජර් වීදියට ආහ. ඇන්ටන් රාජ් තම බිරිඳ සමග අධිකරණ සංකීර්ණයෙන් පිටත්ව කොටහේන ප‍්‍රදේශයට යන බව ඔත්තුකරුවන් මාර්ගයෙන් රිමෝෂන්ටත් කැනිස්ටස්ටත් දැන ගන්නට ලැබිණි.

ඔවුන් වහා ක‍්‍රියාත්මක වූහ. කොටහේන මැසෙන්ජර් වීදිය ඒ වන විට අතිශය ජනාකීර්ණ වී තිබුණේය. දැඩි වාහන තදබදයක් ද පැවතිණි.

එහෙත් රිමෝෂන් සහ කැනිස්ටස් ක‍්‍රියාත්මකය. ඔවුන් දෙදෙනා කිසිදු පැකිළීමකින් තොරව මැසෙන්ජර් වීදිය ඔස්සේ ගිනි අවි රැගෙන ඇන්ටන් රාජ් ගමන්ගත් මෝටර් රථය ලූහුබඳින්නට වූහ.

මැසෙන්ජර් වීදියේ එක්තරා ස්ථානයකදී කැනිස්ටස් ක‍්‍රියාත්මක වුණේය. මෝටර් රථය පදවාගෙන ගිය ඇන්ටන් රාජ්ට පිට පිට වෙඩි ප‍්‍රහාර එල්ල කර ඔහු ඝාතනය කර කැනිස්ටස් සිය සොහොයුරා සමග පලා යන්නේ දෙනෝදාහක් දෙනා බලා සිටියදීය.

කංජිපානි ඉම්රාන් ලබාදුන් දෙවැනි කොන්ත‍්‍රාත්තුවද අකුරටම ඉෂ්ට කළ රිමෝෂන් සහ කැනිස්ටස් සොහොයුරන් ඒ බව ඩුබායි රාජ්‍යය වෙත වාර්තා කළහ.

‘අපි දැනගෙන හිටියා උඹලා දෙන්න ඔය වැඬේ හරියටම කරනවා කියලා. අපිට දැන් උඹලා දෙන්න ගැන ලොකු විශ්වාසයක් තියෙනවා. උඹලගේ ඕනෙම වැඩකට අපි ඉන්නවා. ඕනෙම උදව්වක් අපෙන් ඉල්ලපල්ලා. අපි ඒ හැම දෙයක්ම කරලා දෙන්න තීරණය කළා.

කංජිපානි ඉම්රාන් සෙල්ලීගේ පුත‍්‍රයන් දෙදෙනාට කීවේය.

කංජිපානි ඉම්රාන් සහ මාකඳුරේ මධුෂ් සමග සම්බන්ධ වී වැඩකිරීමට ලැබීම මහත් භාග්‍යයක් ලෙස මොවුන් සිතුවෝය. තම මව ඝාතනය කළ තම පවුලේ සාමාජිකයන් විනාශ කළ පූකුඩුකන්නා සහ බුම්මා විනාශ කර දැමීමට කංජිපානි ඉම්රාන්ගේ සහාය ලබා ගැනීමට රිමෝෂන් සහ කැනිස්ටස් තීරණය කරගත්හ.

මාකඳුරේ මධුගේ සහ කංජිපානි ඉම්රාන්ගේ සහාය ලබාගෙන පූකුඩුකන්නා සහ බුම්මාගේ පාතාල කල්ලියට එරෙහිව රිමෝෂන් සහ කැනිස්ටස් ප‍්‍රහාර එල්ල කරන අයුරු ලබන සතියේ ලිපියෙන් බලාපොරොත්තු වන්න.

හේමන්ත රන්දුණු
gossip lanka