gossip lanka

අයියා එංගලන්තයේ ඉඳන් ගෙවල් හදන්න එවපු සල්ලි වලින් මල්ලි කරපු කැත වැඩේ ඉවර වුන හැටි

සිය බාල සොහොයුරා රුපියල් කෝටි දෙකහමාරකට වඩා මුදලක් වංචා කිරීමේ සිද්ධියක් මත සිත්තැවුලට පත් යාපනයේ චාවාකච්චේරි ප්‍රදේශයේ පුද්ගලයකු 27දා වස පානය කොට දිවි හානි කරගැනීමට උත්සාහ කොට තිබෙනවා.

වස පානය කිරීමෙන් පසුව බරපතළ තත්ත්වයේ පසුවූ ඔහු යාපනය ශික්‍ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා.
එස්. මාදවන් නමැති මේ පුද්ගලයා වසර දොළහකට ඉහතදී එංගලන්තයට ගොස් රැකියාවක් කරන අතරතුර ඔහු උපන් පළාත වන යාපනය චාවාකච්චේරි අරුක්කල්මඩම් ගම්මානයේ නිවෙසක් ඉදිකිරීමේ ආශාවක් පහළ වී තිබෙනවා.

මේ පිළිබඳව සිය බාල සොහොයුරාට විස්තර සපයා නිවෙසක සැලසුමක් ඔහු වෙත එවා නිවෙස ඉදිකිරීමේ වගකීම ඔහුට පවරා ඇති අතර තම සහෝදරයාටද නිවෙසක් නොමැති නිසා තමන් එවන මුදලින් ඔහුටද නිවෙසක් ඉදිකරගන්නා ලෙස උපදෙස් දී වැඩිමහල් සොහොයුරා එංගලන්තයේ සිට වරින් වර මුදල් එවා ඇති බව තමයි පැවසෙන්නේ.

බාල සොහොයුරාද ඉදිකරනු ලබන නිවාස දෙකේ ඡායාරූප සිය වැඩිමහල් සොහොයුරා වෙත යවා ඇති අතර නිවෙසේ වැඩ අවසන් බව පැවැසීමෙන් පසුව ඔහු එංගලන්තයේ සිට සිය බිරිය හා දරුවන් දෙදෙනා සමඟ යාපනයට පැමිණ තිබෙනවා.

ඒ වනවිට බාල සහෝදරයා අතුරුදන්ව ඇති අතර දින කිහිපයක්ම මේ පිළිබඳව කළ සොයා බැලීමකදී දැනගැනීමට ඇත්තේ කිසිම ඉදිකිරීමක් නොකොට තම බාල සහෝදරයා මුදල් වංචා කොට ඇති බවයි.ඇති වූ කම්පනය නිසා වැඩිමහල් සොයුරා සියදිවි හානි කරගැනීමට උත්සාහ කොට ඇති බවයි වාර්තා වන්නේ.

වවුනියාව -  රසාදි චතුරංගි ගමගේ
gossip lanka