gossip lanka

අනියම් ඇසුර බිඳ වැටී සිත් තැවුලට පත් 45 හැවිරිදි විවාහකයා ජිවිතයට කරගත් අපරාධය

අනියම් ඇසුරක් බිඳ වැටීම නිසා සිත් තැවුලට පත් විවාහක පුද්ගලයකු ගෙල වැලලාගෙන මියගොස් ඇති බව ජාඇල පොලිස් බල ප්‍රදේශයෙන් වාර්තා වනවා.

ඉකුත් 24දා උදෑසන ජාඇල පොලීසියට ලද තොරතුරක් අනුව කොන්ක්‍රීට් කණුවක් මත ගෙල වැලලාගෙන මියගොස් ගොස් සිටි පුද්ගලයකු හමු වී තිබෙනවා.


මෙලෙස මියගොස් ඇති පුද්ගලයා පොලොන්නරුවේ පදිංචි 45 හැවිරිදි අයෙකු බවයි හඳුනාගෙන ඇත්තේ.

මියගොස් සිටි අය ජාඇල ලිපිනයේ තාවකාලිකව පදිංචි ව සිට ඇති අතර මොහු තවත් කාන්තාවක් සමග අනියම් සම්බන්ධතාවක් ගොඩනගාගෙන තිබෙනවා.

කිසියම් හේතුවක් නිසා මෙම අනියම් ඇසුර කාන්තාව විසින් නතර කර තිබු බව පොලිසිය පවසනවා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඉකුත් 23 දා මියගිය පුද්ගලයා විසින් පොලිසියට පැමිණිල්ලක් ද ඉදිරිපත් කර ඇති බව ද පොලිසිය සඳහන් කළා.

පසුව මිය ගිය පුද්ගලයා ජාඇල සුදු වැල්ල ප්‍රදේශයේ මාර්ගය ක් අද්දර ඇති කොන්ක්‍රීට් කණුවක් මත රෙදි පටියකින් ගෙල වැලලාගෙන මියගොස් ඇති අතර අනියම් ඇසුර බිද වැටීම නිසා මෙලෙස සිය දිවි හානි කර ගන්නට ඇති බවයි පොලිසිය සැක කරන්නේ.
gossip lanka