ජැකී උපන්දිනේට ලංකාවට එනවලු !

ශ්‍රී ලංකා රූරැජිනක් හා බොලිවුඩ් නිළියක් වන ජැකලින් ෆර්නැන්ඩස් මෙවර උපන්දිනය ශ්‍රී ලංකාවේ සැමරීමට නියමිත බව වාර්තා වේ.

සිය පවුලේ සාමාජිකයන් හා මිතුරු මිතුරියන් 15 දෙනෙකු සමග ශ්‍රී ලංකාවේ සංචාරය කරමින් අගෝස්තු 11දා පැවැත්වෙන ඇගේ උපන්දිනය සැමරීමට ජැකලින් සැරසෙන බව ඉන්දීය මාධ්‍ය සඳහන් කරයි.


ඇය මෙලෙස ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ සිනමන් හෝටල් සමූහය විසින් ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය නගා සිටුවීමේ අරමුණින් ආරම්භ කළ 'බ්‍රින්ග් අ ෆ්‍රෙන්ඩ් හෝම්' Bring a Friend Home (BAFH) වැඩසටහනේ පළමු අමුත්තිය ලෙසයි.

මෙම වැඩසටහන මගින් සිදුකරන්නේ ශ්‍රී ලංකාවේ සංචාරය කිරීම සඳහා සිය විදෙස් මිතුරු මිතුරියන් නම් කිරීමට දෙස් විදෙස් ශ්‍රී ලාංකිකයන් මෙන්ම මෙරට වෙසෙන විදේශිකයන් දිරිමත් කිරීමකි.

ජැකලින් සිය සංචාරය ත්‍රිකුණාමලයේ පිහිටි ට්‍රින්කෝ බ්ලූ හෝටලයේ සිට ඇරඹීමට නියමිත බව පැවසේ.

මෙම අපූරු වැඩසටහනයේ හා කතාවේ කොටසක් බවට පත්වීමට හැකිවීම පිළිබඳව තමා සතුටු වන බවත්, දිවයිනේ සංචාරක ව්‍යාපාරය දිරිගැන්වීම සඳහා සෑම ශ්‍රී ලාංකිකයෙකුටම මෙය සුවිශේෂී අවස්ථාවක් බවත් ජැකලින් පවසයි.

(dnaindia.com ඇසුරෙනි)
gossip lanka