gossip lanka

මව විසින් අත්හැරපු දරුවන් දෙදෙනාට වස පොවා හලාවත පියෙකු ගෙල වැළලාගෙන සිය දිවි හානි කරගනී

හලාවත - උඩප්පුව - පල්ලිවාසල්පාඩුව - කොන්තන්තිව් ප්‍රදේශයේ පියෙකු තම පිරිමි දරුවන් දෙදෙනාට වස පොවා, ඔහු ද ගෙල වැළලාගෙන සිය දිවි හානි කරගෙන තිබෙනවා.

මෙලෙස මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 6ක් සහ 09ක් වන පිරිමි දරුවන් දෙදෙනෙකු සහ ඔවුන්ගේ 31 හැවිරිදි පියා වනවා.


පියා විසින් වස පෙවූ දරුවන් දෙදෙනා පුත්තලම රෝහලට රැගෙන එන විටත් මිය ගොස් සිටි බවයි රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේ.

මිය ගිය දරුවන්ගේ මව මීට මාස දෙකකට පමණ පෙර ඔවුන් අතහැර ගොස් ඇති බවටයි වාර්තා වන්නේ.
gossip lanka