3D තාක්ෂණය යොදාගෙන මිනිස් හදවත් print කරන්න ක්‍රමයක් සොයා ගනී

මනුෂ්‍ය ශරීරයේ ඇති සියුම් පටක යොදාගෙන 3D තාක්ෂණය උපයෝගී කරගනිමින් කෘත්‍රිම හදවත් නිර්මාණය කළ හැකි ක්‍රමවේදයක් Carnegie Mellon විශ්වවිද්‍යාලයේ පර්‍යේෂකයන් කණ්ඩායමක් විසින් ෛදිරිපත් කර තිබෙනවා.

මෙම නව ක්‍රමවේදය නිසා පටක ඉංජිනේරු විද්‍යාව තවත් පියවරකින් ඉදිරියට රැගෙන යමින් සම්පූර්ණ වැඩුනු මිනිස් හදවතක් ත්‍රිමාණ ලෙස මුද්‍රණය කර ගැනීමේ අවස්ථාව උදා වනවා.
මෙම ක්‍රමවේදයේ ඇති ප්‍රයෝජන ගැන සඳහන් කරන පර්‍යේෂණ කණ්ඩායම් සාමාජිකයෙක් සම්පූර්ණ හද්වතක් වෙනුවට යම් යම් අවශ්‍යතා වෙනුවෙන් හදවතේ විවිධ කුඩා කොටස් ද නිර්මාණය කරගත හැකිවීම විශේෂත්වයක් ලෙස පෙන්වා දෙනවා.

මෙම නවතම සොය ගැනීම නිසා ලොව පුරා මිලියන ගණනක් වූ හදවත් රෝගීන්ට හදවතක් ලබා ගැනීම වෙනුවෙන් බලා සිටීමට සිදු නොවන කාලය ඉක්මණින් උදා වනු ඇති බවට මෙම සොයා ගැනීම සිදු කළ පර්යේෂකයන් විශ්වාස කරනවා.


gossip lanka