නවසීලන්ත රජයෙන් එරට වැසියන්ගේ තුවක්කු වෙනුවට වන්දි

නවසීලන්තයේ සිදුවූ වෙඩි තැබීමේ සිද්ධියෙන් පසු රට වැසියන්ගේ දහස් ගණනක් තම ගිනි අවි ස්වෙච්ඡුාවෙන් භාරදී තිබේ.

 මේ වනවිට නිල ගිනි අවි 10242 ක් එරට වැසියන් විසින් පොලිසියට භාරදී තිබේ.

 එසේම විශේෂ සහන කාලසීමාවක් ලබාදී ඇති අතර ඒ යටතේ අනවසර ගිනිඅවි 1269 ක් පොලිසියට භාරදී තිබේ. එම ආයුධ ලැබුණු ආකාරය මෙහිදී ප‍්‍රශ්න නොකෙරේ.

 පසුගිය මාර්තු 15 දා එරට මුස්ලිම් දේවස්ථාන දෙකකට වෙඩි තැබීමෙන් 51 දෙනකු මියගියහ.

 ඒ සඳහා ඝාතකයා විසින් නිසි අවසරය ඇතිව අදාළ ගිනිඅවි මිලදී ගෙන තිබිණි.

 ඉන්පසු නවසීලන්ත පාර්ලිමේන්තුව විසින් එරට ගිනිඅවි නීතිය වෙනස් කරන ලදී.

 නැවත ගිනිඅවි භාරදෙන ජනතාවට වන්දි පිරිනැමේ. ඒ සඳහා නවසීලන්ත රජය ඩොලර් මිලියන දෙසීයක් වැය කරයි.

 නවසීලන්ත ජනතාව සතුව ගිනිඅවි ලක්‍ෂ දොළහක් පවතී. බහුතරයක් නවසීලන්ත ජාතිකයන් ගොවීන් වන අතර ඇතැම් අවස්ථාවල දඩයමේ යෑමට ද ඔවුහු තුවක්කු භාවිත කරති. කෙසේ වෙතත් එක් සිද්ධියක් මත මෙසේ ගිනිඅවි නැවත ලබාගැනීම පිළිබඳව ඇතැමුන්ගේ විරෝධය ද මතුව තිබේ.
gossip lanka