ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීම සඳහා විදේශගත කොටි ඩයස්පෝරාව විසින් දකුණේ පාතාලයට විශාල වශයෙන් මුදල් ලබා දී තිබෙන බව පොලිස් ත්‍රස්තවාදී විමර්ශන ඒකකය භාරයේ පසුවන පලෙයි රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී සින්නයියා සිවරූබන් හෙළිකර තිබේ.
ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීම සඳහා එල්ටීටීඊය මේ වන විට තුවක්කුකරුවන් රැසක් යොදවා සිටින අතර ඒ සඳහා හිටපු එල්ටීටීඊ සාමාජිකයන් යොදා ගැනීම දුෂ්කර වීම නිසා කොටි ඩයස්පෝරාව පාතාල සාමාජිකයන් යොදවා මෙම ඝාතන සැලැස්ම කි‍්‍රයාත්මක කර තිබෙන බවද සින්නයියා සිවරූබන් පොලිසියට ප්‍රකාශ කර ඇත.
මීට පෙර ඔහු මේ බව යුද හමුදා බුද්ධි අංශ වෙතද අනාවරණය කර තිබිණි.
ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට අමතරව ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතාද, ඩග්ලස් දේවානන්දා, විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් සහ රිෂාඞ් බදුර්දීන් ඝාතනය කිරීමටද එල්ටිටීඊය මේ වන විට සැලසුම් කර තිබෙන බව මෙම වෛද්‍යවරයා පොලිසියට පාපොච්ඡුාරණය කර තිබේ.
මෙම ඝාතන සැලසුම් සඳහා විදේශගත කොටි ඩයස්පෝරාව විශාල වශයෙන් මුදල් යොදවා තිබෙන බවද ඔහු පොලිස් ත්‍රස්තවාදී විමර්ශන නිලධාරීන්ට ප්‍රකාශ කර ඇත.
සමන් ගමගේ සහ දිනසේන රතුගමගේ
දිවයින
ගෝඨාභය ඝාතනයට කොටි ඩයස්පෝරාව දකුණේ පාතාලයට මුදල් දීලා !
2019-08-28T20:19:00-07:00
Gossip Lanka Hot News
slide|