යුදහමුදා සෙබළා තරුණියක සමග හාදවී හෝටල් කාමරයක්‌ තුළදී 1,50,000 වටිනා රන් භාණ්‌ඩවලට විදලා !

ජංගම දුරකථනයේ ඉමෝ තාක්‌ෂණය භාවිත කර බිබිලේ තරුණියක්‌ සමග කෙටි ඇසුරක්‌ පවත්වා ඇය කුරුණෑගල නගරයට ගෙන්වාගත් පොලොන්නරුවේ පදිංචි යුද හමුදා සෙබළා හෝටල් කාමරයක්‌ තුළ දී තරුණිය පැළඳ සිටි රු. 1,50,0000 වටිනා රන් භාණ්‌ඩ කොල්ල කෑමේ සිද්ධියක්‌ මත ඔහු කුරුණෑගල මූලස්‌ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ පොලිස්‌ නිලධාරීන් විසින් පොලිස්‌ අත්අඩංගුවට ගෙන ඇත.

 බිබිලේ මැදගම පදිංචිකාරියක්‌ වන මෙම තරුණිය සමග (අවු. 26) පොලොන්නරුව සිහනදගම ජනපදයේ පදිංචි යුද හමුදා සෙබළා (අවු. 20) ජංගම දුරකථනයේ ඉමෝ තාක්‌ෂණය ඔස්‌සේ කෙටි කලක්‌ ඇසුරක්‌ පවත්වා හිතවත් වූ මොවුන් දෙදෙනා පසුගිය දිනක කුරුණෑගල නගරයට පැමිණ හමු වී ඇත.

කුරුණෑගල නගරයේ හෝටල් කාමරයක්‌ තුළදී සතුටු සාමිච්චියේ යෙදීමට පෙර යුද හමුදා සෙබළාගේ ඉල්ලීම මත, තරුණිය පැළඳ සිටි රන්මාල දෙකක්‌, සහ රන් පෙන්ඩන් තුනක්‌ ඇතුළුව රන් මුදුවක්‌ ගලවා තම අත තරුණියට නොපෙනෙන සේ මෙම ස්‌වර්ණාභරණ යුද හමුදා සෙබළාගේ කලිසන් සාක්‌කුවේ දමාගෙන ඇත.

ඔවුන් දෙදෙනා දැන හඳුනාගැනීමෙන් අනතුරුව නිවෙස්‌වලට යැම සඳහා කුරුණෑගල ප්‍රධාන බස්‌ නැවතුම්පළට පැමිණීමෙන් පසු තරුණියගේ රන්, භාණ්‌ඩ කොහිදැයි විපරම් කිරීමෙන් පසු යුද හමුදා සෙබළාගේ පවසා ඇත්තේ ඒවා තමන් ළඟ තිබෙන බවත් කෑම පාර්සලයක්‌ රැගෙන එනතෙක්‌ බසය තුළ සිටින ලෙසත්ය.

තරුණිය තමන්ට සිදුවූ අකරතැබ්බය සම්බන්ධයෙන් කුරුණෑගල මූලස්‌ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශයට පැමිණිලි කරන ලදී.

යුද හමුදා සෙබළාගේ ජංගම දුරකථන අංකය භාවිත කර ඔහුගේ තොරතුරු සොයාගත් අපරාධ විමර්ශන අංශයේ පොලිස්‌ නිලධාරින් පසුගිය දිනක පොලොන්නරුව නගරයේදී මොහු අත්අඩංගුවට ගත් බව පොලිසිය කීය. වංචනික ලෙස තරුණියගෙන් පැහැරගත් ස්‌වර්ණාභරණ සියල්ලම රු. 63000/} කට මූල්‍ය ආයතනයකට උකස්‌ කර මුදල් ලබාගෙන තිබූ බවත් යුද හමුදා සෙබළා කුරුණෑගල මහෙස්‌ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත නිදහස්‌ කර නැවත නඩු විභාගය කල්තැබූ බවත් පොලිසිය පැවැසීය.

කුරුණෑගල මූලස්‌ථාන පොලිසියේ ස්‌ථානාධිපති ප්‍රධාන පොලිස්‌ පරීක්‌ෂක ඒ.ඒ.කේ. අධිකාරි මහතාගේ උපදෙස්‌ මත අපරාධ විමර්ශන අංශයේ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‌ෂක පුෂ්පලාල් මහතාගේ නියෝගයෙන් අපරාධ විමර්ශන අංශයේ පො.සැ. (27361), සේනානායක පො.කො. (38080) කුෂාන්ත, පො.කො. (15332) කාරියප්පෙරුම පොලිස්‌ නිලධාරීන් විසින් මෙම සැකකරු පොලිස්‌ අත්අඩංගුවට ගෙන ඇත. පරීක්‌ෂණ ඉදිරියට පැවැත්වේ.
gossip lanka