මෙරට ඕනෑම පුද්ගලයෙකුට තමන් කැමති ආගමක් ඇදහීමේ නිදහස ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව මගින්ම තහවුරු කර දී තිබෙනවා.
එහෙත්, තම විවාහයත් සමග මුස්ලිම් ආගම අතහැර බෞද්ධාගම වැලදගත් බියගම ප්‍රදේශයේ කාන්තාවකට විවිධ තාඩන පීඩනවලට මුහුණ දීමට සිදුව ඇති බව වාර්තා වනවා.
ෆාතිමා හාෂියා නම් මෙම කාන්තාව බියගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ, යටිහේන - මල්වාන ප්‍රදේශයේ පදිංචි දෙදරු මවක්.
ෆාතිමා හෙළිකරන පරිදි 2018 දෙසැම්බර් මස 10 වැනිදා ඇගේ නිවස මෙලෙස ගිනිබත් කර තිබෙනවා.
එහෙත් ඉන් නොසැලුනු ඇය යලිත් එම ඉඩමේම පැල්පතක් ඉදිකරගෙන තිබුනා.
ෆාතිමා පවසන්නේ මේ වනවට අධිකරණයෙන් ද තම ඉඩමේ භුක්තිය තහවුරු කර තිබියදීත් පල්ලියේ බලපෑම මත ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීවරිය ඇයව තවදුරටත් පීඩාවට පත්කරමින් සිටින බවයි.
"මගේ ජීවිතේ විතරයි අරගන්න තියෙන්නේ ඒක ගත්තත් මම බුද්ධාගම අතහරින්නේ නැහැ" - බුදු දහම වැලඳගත් නිසා නිවෙස ඩෝසර් කළ ෆාතිමා හාෂියා කියන කතාව - (video)
2019-08-25T22:00:00-07:00
Gossip Lanka Hot News
slide|