gossip lanka

තමන්ගේම වාර්තාවක් බිඳ හෙලන්නට ගත් උත්සහයකදී "රෝද හතරේ ලොව වේගවත්ම කාන්තාව" අවසන් ගමන් ගිහින්

වෘත්තීය රියදුරු සහ ජනප්‍රිය රූපවාහිනී නිවේදක Jessi Combs සිය ජෙට් බලයෙන් ධාවනය වූ මෝටර් රථය අනතුරට ලක්වීමෙන් මියගොස් තිබෙනවා. ඒ ඇය විසින්ම තබන ලද වාර්තාවක් බිඳ හෙලීමට උත්සහ දරමින් සිටි අවස්ථාවකදීයි.

39 හැවිරිදි ඇය පසුගිය අඟහරුවාදා සවස 4 ට පමණ ඔරිගන්හි ඇල්වෝඩ් කාන්තාරයේ වියළි විලක සිදුවූ අනතුරකින් මෙලෙස  මියගොස් තිබෙනවා. 


රෝද හතරේ වේගවත්ම කාන්තාව ලෙස හැඳින්වෙන ඇය කෝම්බ්ස්, උතුරු ඇමරිකානු ඊගල් හි කාන්තාවන් සඳහා වූ ගොඩබිම් වේග වාර්තාවක් පසුපස හඹා යමින් සිට ඇති බවයි පැවසෙන්නේ.

2013 දී පැයට සැතපුම් 398 ක වාර්තාව බිඳ දැමූ මේ රූපවාහිනී පෞරුෂය එම වසරේම ධාවනශූරියක ලෙස උතුරු ඇමරිකානු ඊගල් සුපර්සොනික් ස්පීඩ් චැලෙන්ජර් කණ්ඩායමට එක්ව තිබෙනවා.

2016 දී පැයට සැතපුම් 483 ක වේගයෙන් ධාවනය කිරීමට ඇය සමත් වූ නමුත් යාන්ත්‍රික ගැටළු හේතුවෙන් ඇය මෙසේ අකාලයේ අවසන් ගමන් ගිය බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.
gossip lanka