gossip lanka

අනතුරකින් මියගිය පුද්ගලයෙකු කැලෑවකට දමා ගිය රියදුරෙකුට අවසානයේ වුණු දේ !

තම වෑන් රථයේ ගැටුණු පුද්ගලයෙකු රෝහලට රැගෙන යන බව පවසා ලදු කැලෑවකට දමා යාමේ පුවතක් හලාවත - මහවැව - ලුණුවිල ප්‍රදේශයෙන් වාර්තාවනවා.
ඊයේ උදෑසන කොළඹ - හලාවත මාර්ගයේ මාරවිල - ලන්සිගම ප්‍රදේශයේදී වෑන් රථයේ ගැටී මෙලෙස ජීවිතක්ෂයට පත්වුණේ යතුරුපැදියකින් දේවස්ථානය වෙත යමින් සිටි 81 හැවිරිදි පුද්ගලයෙක්. අනතුර සිදුකළ වෑන් රථයේ රියදුරු, එම අවස්ථාවේ යතුරුපැදිකරු රෝහල වෙත රැගෙන යන බව පවසා අදාළ වෑන් රථයට දමාගෙන තිබෙනවා.

කෙසේ වෙතත් ඔහු එම පුද්ගලයාව වෑන් රථයෙන් රැගෙනවිත් ලුණුවිල ප්‍රදේශයේ ලදු කැලෑවකට දමා ඇති බවයි මාරවිල පොලීසිය සඳහන් කළේ.

පසුව ප්‍රදේශවාසීන් කළ දැනුම්දීමකට අනුව පලායමින් සිටි සැකකරු තෝප්පුව පොලිස් මාර්ග බාධකයේදී අත්අඩංගුවට ගැනුනා.

මොහු 22 හැවිරිදි වියේ පසුවන කුරුණෑගල - අඹන්පොල ප්‍රදේශයේ පදිංචි තරුණයෙකු බවට හෙළිවී තිබෙනවා.

gossip lanka