gossip lanka

දිනක්ෂි - සාරංග ආදර කතාවේ ඇත්ත නැත්ත දිනක්ෂි ප්‍රසිද්ධියේම පිළිගනී

දිනක්ෂි ප්‍රියසාද් කියලා කියන්නේ වර්තමානයේ තරුණ ජනප්‍රිය තරු අතරේ අතිශය ජනප්‍රිය තාරකාවියක් කිව්වොත් හරි. කොහොම වුනත් පහුගිය කාලේ දිනක්ෂිත් සාරංගත් ඈඳලා විවිධ කටකතා පැතිරුණා මතක ඇති. තමන් සාරංග උමාලි ආදර කතාව අවසන් වෙන්න දිනක්ෂි හේතුවක් වුනා කියලා ගොඩක් අය කියන්න ගත්තත් සාරංගවත් දිනක්ෂිවත් ඒ ගැන වචනයක්වත් කතා කලේ නෑ. යන යන හැම තැනම ඔවුන් දෙන්නව එකට දකින්න ලැබුනත් දෙදෙනා අතර ආදර සම්බන්ධයක් තියනවා කියලා කිසිම වෙලාවක ප්‍රසිද්ධ මාධ්‍යයේ ප්‍රකාශ වුනේ නෑ.
කාලයක් ඔහොම ගත වෙද්දී දිනක්ෂිත් සාරංගත් තම තමන්ගේ වෘත්තීය ජිවිතයේ තව තවත් ඉහලට යන්න පටන් ගත්තා වගේම ඔවුන්ගේ ආදරය ගැන ඔන්න ප්‍රසිද්දියේම කියන්නත් පටන් අරන් තියනවා.

පසුගිය දවසක ලංකාවේ ජනප්‍රිය ඉංග්‍රීසි මාධ්‍ය යූ ටියුබ් වැඩසටහනකදී පළමු වතාවට දිනක්ෂි නිවේදකයා අහපු ප්‍රශ්නයකට උත්තර දෙමින් ඒ බව කියා සිටිනවා. ඒ විතරක් නෙමෙයි මේ සම්බන්ධය ගැන කවුරු මොනවා කිව්වත් තමන් වරදක් කලේ නෑ කියලා තමන් වගේම වටේ ඉන්න අයත් හොඳටම දන්නවා කියලා දිනක්ෂි ඒ වෙලාවේ කියනවා. ඒ වැඩසටහනෙන් පස්සේ තවත් ඒ වගේම ජනප්‍රිය ඉංග්‍රීසි මාධ්‍ය යූ ටියුබ් සම්මුඛ සාකච්ඡාවකදී ඇය නැවත වතාවක් ඒ කතාව ඇත්තක් කියලා තහවුරු කරනවා.

ඒ කියන්නේ සාරංග- දිනක්ෂි ආදර කතාව තවදුරටත් රහසක් නෙමෙයි. ඉතින් මේක ඔවුන්ගේ ප්‍රේක්ෂකයන්ට නම ලොකුම ඕකු ආරංචියක් වෙයි වගේම හැමදාමත් මේ වගේම ආදරයෙන් සතුටින් ඉන්න ලැබෙන්න කියලා අපිත් මේ යුවලට ප්‍රර්ථනා කරමු.    
gossip lanka