ජනප්‍රිය ගායන ශිල්පී දමිත් අසංක සම්බන්ධයෙන් පසුගිය දවස්වල සමාජ මාධ්‍ය හරහා ආන්දෝලනාත්මක කතාබහට ලක්වුනා. කෙසේ වෙතත් පැතිර යන එම කතාබහ සම්බන්ධයෙන් ෆේස්බුක් ලයිව් හරහා දමිත් අසංක අද පිළිතුරු ලබා දී තිබුණා.
ඒ අනුව ඔහු අදහස් දක්වමින් කියා සිටියේ අතිශෝක්තියෙන් යුක්තව දමිත් අසංකව හයිලයිට් කරන්නවත්, දමිත් අසංකට අසනීපයක් තියෙනවා කියලා ඔප්පු කරන්න යන්නවත් ඔයගොල්ලො දඟලන්න එපා. ඒක කිසිසේත්ම ගැලපෙන්නෙ නැහැ යනුවෙනි.
එසේම තමන්ට යම් අසනීපයක් ඇත්නම් එය උණක්, කැස්සක්,හෙම්බිරිසාවක් වගේ සාමාන්‍ය දෙයක් බවත් එය තමන්ට දරා ගැනීමට සහ වෛද්‍යවරුන්ගෙන් ප්‍රතිකාර ලබා ගැනීමට හැකි බවද ඔහු සඳහන් කළ ඔහු මෙලෙසද ප්‍රකාශ කළා.
මම සාමාන්‍යයෙන් බණ අහන මනුස්සයෙක්. මම ඒවට ගරු කරන මනුස්සයෙක්. ඒකෙත් මට තේරෙන ප්‍රමාණයක් තියෙනවා, ඒ තේරෙන ප්‍රමාණය මම තේරුම් ගන්නවා. විශේෂයෙන්ම මට බණ කියන්න එන්න එපා. මම මගේ යාළුවන්ට කියන්න ඕන මම එහෙම ලොකු අසනීපයකින්, ලොකු මානසික අසහනයකින් ජීවත් වෙන මනුස්සයෙක් නෙමෙයි. රසික තදබදය කියන දේ ඕනම කළාකරුවෙකුට තියෙනවා.
සම්පූර්ණ වීඩියෝව පහතින්
‘‘මම මානසික අසහනයකින් ජීවත් වෙන මනුස්සයෙක් නෙමෙයි‘‘ සමාජ ජාලා හරහා පැතිරයන කතා වලට දමිත් අසංක පිළිතුරු දෙයි - (video)
2019-08-27T20:55:00-07:00
Gossip Lanka Hot News
slide|