ඔස්ට්‍රේලියාව සතු ලෝක උරුමයක් ලෙස සැලකෙන මහා බාධක කොරල් පරය එය මෙතෙක් පැවති දුර්වල මට්ටමෙන් අති දුර්වල මට්ටම දක්වා තත්ත්වයෙන් පහළ හෙළා තිබේ.
ඔස්ට්‍රේලියානු රජයේ නවතම වාර්තාවක් විසින් මෙම අනාවරණය සිදුකර ඇති අතර, වසර 5ක් පුරා සිදුකළ අධ්‍යයනයක ප්‍රතිඵලයක් ලෙස එය හැඳින්වෙයි.
එම වාර්තාවට අනුව මිනිසුන් විසින් ඇතිකර තිබෙන ගේලීය උණුසුමේ ඵලවිපාකයක් ලෙස සාගරය උණුසුම්වීමේ ප්‍රතිඵලයක් ලෙස මේ ආකාරයෙන් මහා බාධක කොරල්පරයට දැඩි අවදානමක් මතුකර ඇති බව පෙන්වා දෙයි.
කිලෝමීටර් 2,300ක් පමණ දුර සගරයේ ඇදී යන මෙම දැවැන්ත කොරල් පරය වර්ෂ 1981 දී ලෝක උරුමයක් ලෙස නම් කරනු ලැබුවේ එහි පවතින අතිශය දුර්ලභ විද්‍යාත්මක හා ස්වභාවයෙන්ම පැවති වැදගත්කම නිසාය.
නමුත්, පසුගිය වසර කිහිපය පුරා සාගරය උණුසුම්වීමේ ප්‍රතිඵලයක් ලෙස මහා බාධක කොරල්පරයට දැඩි හානි පැමිණ ඇති අතර, මේ හේතුවෙන් බොහෝ කොරල් මියගොස්, පවතින කොරල්වල දිගුකාලීන සෞඛ්‍යයට එය බලවත් තර්ජනයක් වී ඇති බව එම වාර්තාව වැඩිදුරටත් පෙන්වා දෙයි.
මහා බාධක කොරල් පරය පැවති මට්ටමෙන් තවත් දුර්වල වෙලාලු
2019-08-30T21:54:00-07:00
Gossip Lanka Hot News
slide|