gossip lanka

බ්‍රිතාන්‍ය රජ කුමරා අමෙරිකානු බාල වයස්කාරිය කෙළෙසුවාද?

ඇන්ඩෲ කුමරු සමග ලිංගිකව එක්වන ලෙස ලිංගික අපයෝජන චූදිතයෙකුව සිට පසුගියදා සියදිවි හානි කරගත්, ඇමෙරිකානු ප්‍රකෝටිපති ජෙෆ්රි එප්ස්ටීන් විසින් එවක 17 වැනි වියේ පසුවූ තමන්ට බල කරනු ලැබූ බවට වර්ජිනියා ගුෆ්රේ නමැති කාන්තාව චෝදනා කරයි.


බ්‍රිතාන්‍යයේ යෝක්හි ආදිපාදවරයා වන ඇන්ඩෲ කුමරු අධිකරණය හමුවට පැමිණ එම චෝදනා සාවද්‍ය නම් එය ඔප්පු කළ යුතු බවට ඇය අභියෝග කරයි.

පසුගියදා අධිආරක්ෂිත සිරමැදිරියක එප්ස්ටීන් ජීවිතක්ෂයට පත්ව සිටි අතර, ඔහු සියදිවි හානි කරගෙන ඇති බව කියවුණත්, එමම මරණ්‍ය සම්බන්ධයෙන්ද යම් කුකුසක් ඇති කර තිබේ.

කෙසේ වෙතත්, ඔහුගේ මරණයෙන් පසුව පැවති නඩු විභාගය අවසානයේදී මාධ්‍යවේදීන්ට අදහස් දැක්වූ වර්ජිනියා ගුෆ්රේ, සඳහන් කළේ ඔහු කළ කී දෑ පිළිබඳව ඔහු හොඳින්ම දන්නා බවය.

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, හිටපු ජනාධිපති බිල් ක්ලින්ටන් සහ බ්‍රිතාන්‍යයේ ඇන්ඩෲ කුමරු සිය මිතුරන් බව පවසා ඇති 66 හැවිරිදි ජෙෆ්රි එප්ස්ටීන් මියගොස් ඇති හෙයින් ඔහුට එරෙහි අපරාධ නඩුව අවසන් කළ නිව්යෝක් සිටි අධිකරණය පැමිණිලිකරුවන් පහළොස් 15 දෙනෙකුට අදහස් දැක්වීමට අවස්ථාව දී තිබිණි.

එහිදී, දැඩි කෝපයෙන් යුතුව අදහස් දැක්වූ අගතියට පත් කාන්තාවන් පැවසුවේ, එප්ස්ටීන්' සිය දිවි හානි කර ගැනීමෙන් අධිකරණය නොමග යවා ඇති බවය. කෙසේ වෙතත්, අදාළ විමර්ශන තවදුරටත් ක්‍රියාත්මක වන අතර, මීට සම්බන්ධ වූවන්ටද ඉදිරියේදී දඬුවම් හිමිවනු ඇති බව විශ්වාස කෙරෙයි.
gossip lanka