යුද හමුදාවේ ඉල්ලීමකට හැමෝටම ආදර්ශයක් වෙමින් භාතිය කරපු වැඩේ මෙන්න

යුද හමුදාවේ ඉල්ලීම මත ජනප්‍රිය ගායක භාතිය ජයකොඩි මහතාගේ හා චින්තක සොයිසා මහතාගේ ධන පරිත්‍යාගයෙන් යාපනය ආරක්ෂක සේනා නිලධාරීන්ගේ ශ්‍රම දායකත්වය යටතේ යාපනයේ තවත් අඩු ආදායම්ලාභී පවුලකට නිවෙසක් පරිත්‍යාග කිරීම පසුගිය 4 වැනිදා සිදුවිණි.
යාපනය, ඉයන්තාර්, කෝවිල්අඩි, කොඩිකාමම් ප්‍රදේශයේ රාජරත්නම් ජයකුමාරි, මහත්මිය වෙනුවෙන් ඉදිකළ නව නිවෙසක් අදාළ පවුල වෙනුවෙන් පරිත්‍යාග කිරීම යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුවන් වනිගසූරිය මහතාගේ හා ගායන ශිල්පී භාතිය ජයකොඩි මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි.

යාපනය ආරක්ෂක සේනා 522 බළසේනා මූලස්ථානයේ අධීක්ෂණය  යටතේ 15 වැනි ගජබා රෙජිමේන්තු නිලධාරීන්ගේ ශ්‍රම දායකත්වය යටතේ මෙම නව නිවෙස ඉදිකරනු ලැබීය.

නිදන කාමර දෙකක්, මුළුතැන්ගෙයක් හා විසිත්ත කාමරයකින් යුතුව අංග සම්පූර්ණ නිවෙසක් ලෙස නව නිවෙස ඉදිකොට තිබිණි.

මෙම අවස්ථාවට යාපනය ආරක්ෂක සේනා මූලස්ථාන 52 සේනාංකයේ සේනාංකාධිපති ඇතුළු යාපනය යුද හමුදා නිලධාරීහු ප්‍රදේශවාසීහු ඇතුළු පිරිසක් සහභාගි වී සිටියහ.

වවුනියාව - රසාදි චතුරංගි ගමගේ
gossip lanka