gossip lanka

"උඹේ පුතා අපිට මේ ගෙයයි, ඉඩමයි විකුණුවා කියලා බැනලා ගහලා එළෙව්වා" - වසර 17ක් තිස්සේ ජීවත් වූ නිවෙස බූරු පිටියකට උගස් කරපු පුතා නිසා අසරණ වූ මව හඬාවැටෙමින් කියන කතාව මෙන්න

වසර 17ක් තිස්සේ තම වයසක මව ජීවත් වූ නිවෙස සහ ඉඩම් බූරුපිටියකට උකස්කොට සිය මව වෙසක් සතියේදී නිවෙසින් පිටතට ඇදදැමීමට හවුල් වූ පුතකු පිළිබඳ සිද්ධියක් සමන් දෙවියන්ගේ අඩවියේ අයගම ප්‍රදේශයෙන් හෙළිදරව් වනවා.

අයගම පිඹුර ග්‍රාමසේවා වසමේ සුදුවාදේවගේ මේලානි නමැති 67 හැවිරිදි සිවු දරු මවක් තම පුතාගේ මෙම ක්‍රියාව නිසා මැයි මාසයේ 23 සිට මේ දක්වා දහවල් කාලයේ තැනින් තැන ගතකරමින් රාත්‍රියට තේ දලු මඩුවකට පැමිණ ජීවත් වනවා.

 මෙම ඛේදජනක සිද්ධිය අයගම පොලිසියට හා රත්නපුර පොලිස් අධිකාරි කාර්යාලයටද පැමිණිලි කර තිබෙන ඇය තම නිවෙස හා ගෙය අහිමිවීම පිළිබඳ හඬා වැලපෙමින් මෙසේ පවසනවා.

"මට දරුවො හතරදෙනෙක් ඉන්නවා. මේ දරුවන්ගේ කටේ මවුකිරි සුවඳ මැකෙන්නත් කලින් මගේ මහත්තයා අයි.කේ. මාර්ටින් 1981දී මියගියා. එදා සිට මම දහදුක් විඳලා මේ දරුවන් හදාවඩා ගත්තා. ඉගැන්වූවා. මට ඉඩමක් තිබුණේ නෑ. මගේ දුක කීවාම අයගම දිසාපතිතුමා උකස් තියපු ගෙය තිබෙන පර්චස් 4 ඉඩම් කෑල්ල මට පැවැරුවා. ඒත් ඉඩමට ඔප්පුවක් බලපත්‍රයක් තවම නෑ. බූරු පිටියේදී රුවන් තුෂාර කියන පුතා මේ ඉඩම උකස් කරලා, බූරුගහලා ලක්ෂ දෙකහමාරක මුදලකට ගෙයට කුවිතාන්සියක් ලියා දීලා. මම මැයි මාසයේ ඥාති දුවකගේ මඟුල් ගෙදරකට උදවු කරන්න ගියා. ඒ ගිහින් එනකොට ගෙයි වෙන කට්ටියක් පදිංචිවෙලා. උඹේ පුතා අපිට මේ ගෙයයි, ඉඩමයි විකුණුවා කියලා බැනලා ගහලා එළෙව්වා. මම දවස් පහක් රෝහලේ නැවතිලා බෙහෙත් ගත්තා. තවම සාධාරණයක් වුණේ නෑ. මම තේ මඩුවක රාත්‍රියට ඉන්නේ. මගේ ලොකු පුතා, දුව හා නුවර සිටින පුතා ලක්ෂ 5ක් 6ක් වියදම් කරලා හදාපු ගේ මේ විදියට විකුණලා බූරුගහයි කියලා මොන අම්මාද හිතන්නේ. දැන් මට ඉඩම් ගන්න ගෙවල් හදන්න ශක්තියක් නෑ. මගේ ඉඩම් කෑල්ලයි ගෙයයි මට ලබාදෙන්න කියලා උදේ හවහ සමන් දෙවියන්ට කන්නලව් කරනවා බලධාරීන්ට වැඳලා කියනවායි කීවාය.

අතුර - ජයසේන ‍ෙදාඩන්ගොඩ - මව්බිම
gossip lanka