gossip lanka

ඇමෙරිකානු හමුදාව කාන්තා මළ සිරුරක්‌ පුටුවක බැඳ පිපිරීමක්‌ සිදු කිරීමේ අමානුෂික ක්‍රියාවක්‌ හෙළි වෙයි

ඇල්ස්‌හෙයිටර් රෝහලට ගොදුරු වී මියගිය සිය මවගේ සිරුර වෛද්‍ය පර්යේෂණයකට ලබාදුන් අයෙක්‌ එම සිරුර ඇමෙරිකානු හමුදාව විසින් පිපිරීමක්‌ අත්හදා බැලීමට යොදා ගැනීම ගැන කම්පාවට පත් වී ඇත.

මෙම වෛද්‍ය පර්යේෂණායතනය වොරණි ස්‌ටොපර් නැමැති එම කාන්තාවගේ සිරුර හමුදාවට විකුණා ඇති බව ඔහුට හෙළි විය.


බිම්බෝම්බයකට ගොදුරු වූ මෝටර් රියක සිටි අයට සිදු වන්නේ කුමක්‌දැයි දැන ගැනීම සඳහා ඇමෙරිකානු හමුදාව එම පිපිරීම සිදු කර තිබේ.

මියගිය වොරණි ස්‌ටෝපර්ගේ සිරුර පුටුවකට තබා බැඳ එම පිපිරීම සිදුකර ඇතැයි හෙළි විය.

මෙම කාන්තාවගේ පුත්‍ර ජිම් පැවසූවේ පිsපිරීම සිදු කිරීමෙන් දින කීපයකට පසු මවගේ අළු යෑයි පවසමින් තමාට කුඩා පෙට්‌ටියක්‌ ලැබුණු බවත් එහි තිබූ අළුගොඩ අතර මවගේ අතක්‌ තිබූ බවයි.
gossip lanka