gossip lanka

ඇමසන් වනාන්තරයේ ගින්න නිවීමට ලෝක නායකයෝ එක්‌වෙති

ලෝකයේ පෙණහලු ලෙස සැලකෙන බ්‍රසීලයේ ඇමසන් වැසි වනාන්තරයෙහි හටගෙන ඇති ගිනි ගැනීම් වළක්‌වාලීම සඳහා කඩිනමින් පියවර ගැනීමට ලොව ප්‍රබලතම රටවල නායකයන් සහභාගී වන ජී-7 සමුළුවේදී තීරණය කර ඇත.


වැසි වනාන්තරයේ මතුව ඇති ගිනි නිවීම සඳහා තාක්‍ෂණික සහ මූල්‍ය පහසුකම් සැපයීමට ලෝක නායකයෝ එකඟතාවය පළකර තිබේ.

 වනාන්තරයේ ගිනි ගැනීම් ස්‌ථාන 75,000 කට වැඩි ප්‍රමාණයක්‌ හඳුනාගෙන ඇති අතර මෙම ගිනි නිවීම සඳහා රටවල් හතක හමුදා භටයන් 44,000 කට අධික පිරිසක්‌ මේ වන විට යොදා ඇත.

 මෙම ගිනි ගැනීම්වලට ප්‍රධානම හේතුව වනාන්තර විනාශය වළක්‌වා ගැනීමට නිසි පියවර නොගැනීම සහ පරිසරයට හානිකර කටයුතුවල නිරතවීම බව ජී-7 සමුළුවේදී ලෝක නායකයෝ සඳහන් කර සිටිති.
gossip lanka