කොත්මලේ පොලිස් වසමේ මහනුවර නුවරඑළිය මාර්ගයේ තවලතැන්න ප්‍රදේශයේදී නුවරඑළිය දෙසට ධාවනය වූ යතුරුපැදියක් බෝක්කු කණුවක ගැටී අනතුරට ලක්ව තිබෙනවා.
පසුගිය 24 රාත්‍රී 7.40ට පමණ යතුරුපැදිකරුට එය පාලනය කර ගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන මෙම අනතුර සිදුව තිබුණා.
මෙම මාරක රිය අනතුරින් මියගොස් ඇත්තේ නුවර විද්‍යාර්ථ විද්‍යාලයේ ඉගෙනුම ලැබූ 20 හැවිරිදි , අංක 75 කැන්දලියද්ද , ජම්බුගහ පිටිය , කටුගස්තොට ලිපිනයේ පදිංචි කොබ්බෑවල වාසල මුදියන්සේලාගේ තිලිණ සම්පත් නමැති තරුණයෙක්.
අනතුර සම්බන්දයෙන් කොත්මලේ පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වනවා.
මේ අතර මියගිය තරුණයා වෙනුවෙන් ඔහුගේ මිතුරන් විසින් සිය මුහුණු පොතේ සංවේදී සටහන් තබා තිබෙනවා.
"මේ ලෝකේ ගොඩක් දක්ශ අය නිහතමානී නැහැ... හැබැයි උබ දක්ශකමින් කිසිම අඩුවක් නැති නිහතමානීකම ඕනවටත් වඩා තිබුන talent package එකක්...එහෙම හිටපු උබ මෙච්චර ඉක්මනට අපෙන් ඈතට යයි කියල හීනෙන් වත් හිතුවෙ නෑ මල්ලී...සුභ ගමන් මලයා උබට නිවන් සුව පතන්න හිත හදාගන්න බැහැ.... ආයේ අපි අතරටම වරෙන්.... ආඩම්බරකාර නුවර මං දැකපු නිහතමානීම විවාදකයා උබ මල්ලී.....ආයෙත් හම්බවෙමු කොබ්බේ මල්ලී උබෙන් කටපුරා අයියේ කියලා අහන්න"
ආඩම්බරකාර නුවර මං දැකපු නිහතමානීම විවාදකයා උබ මල්ලී.....ආයෙත් හම්බවෙමු කොබ්බේ මල්ලී - යතුරුපැදියක් නිසා ජීවිතයෙන් සමුගත් තිලිණ වෙනුවෙන් මුහුණු පොතේ පළවූ සංවේදී සටහන් - (Photos)
2019-08-26T20:49:00-07:00
Gossip Lanka Hot News
slide|