අලූත් නායකයෙක් රටට දෙන ග‍්‍රහ මාරුවක් - ශ‍්‍රී ලංකාවට සුභ කාලයක් !

රවි ග‍්‍රහයා ග‍්‍රහ මණ්ඩලයේ ප‍්‍රධානියා වෙයි. මොහු 2019 අගෝස්තු 17 දා කටක රාශියේ සිට තම නිවසට සිංහ රාශියට පැමිණ එහි සැප්තැම්බර් 17 දක්වා නැවතී සිටී. ලොව ආරක්‍ෂක කුජ නොහොත් අඟහරුද රවිගේ සිංහ රාශියට අගෝස්තු 09 දා සිට පැමිණ සිටීමෙන් රවි - කුජ සංයෝගයක්  අගෝස්තු 17 දා සිට නිර්මාණය වෙයි. ඒ අතර බුධ ග‍්‍රහයාද අගෝස්තු 26 සිට රවි - කුජ සමග එකතු වෙයි. මේ අනුව රවි - කුජ බුධ ති‍්‍රග‍්‍රහ සංයෝගයක් 2019-08.26 සිට 2019-09-11 දක්වා සිදු වෙයි.
මෙම උෂ්ණ ග‍්‍රහයින් (රවි-කුජ) දෙදෙනා සමග බුධ ග‍්‍රහයා එකතුවී සිටීමෙන් බුධට කිසිම මෙහෙවරක් කිරීමට ඉඩක් නොලැබෙයි. රවි කුජ එකට සිටීමෙන් රාජ්‍ය බලය වෙනදාට වඩා ශක්තිමත් වෙයි. බලය හා ඔරොත්තු දෙන ගතිය නිසා විරුද්ධවාදීන් මොන මොන අරියාදු ප‍්‍රචණ්ඩ කි‍්‍රයා කළත් ඒවාට නිර්භයවම ඉදිරිපත් වෙයි. ඥානවන්තව කටයුතු කර රට තුළ සාමය සමාදානය ඇති කිරීමට හැම පියවරක්ම රජය ගනී. දේශපාලන පක්‍ෂ වලින් ඇතැම් අය වෙන්වී වෙනත් පක්‍ෂවලට බැඳීම් එකතුවීම් සිදුවන කාලයක් වෙයි. ඉදිරි ජනපති අපේක්‍ෂකත්වයට ප‍්‍රබල ජනපි‍්‍රය ජන නායකයෙකු පත්වන ඉඩක් ඇති වේ. මෙම ග‍්‍රහ මාරුව ලග්න වලට බලපාන්නේ මෙසේය. ලග්න 12 න් මීන ලග්නයට පමණක් තරමක් අගුණයි.

මේෂ ලග්නය - ගුණ නුවණින් යුතුව කටයුතු කරගනී. ආත්ම ගෞරවය රැකගනී. තමා බලවතා බව පෙන්නුවත් අන්අයට කරදර නොකරයි. අවිවාහකයින්ගේ විවාහ කටයුතු ඉක්මන් වෙයි. කාමාශා වැඩිවේ. බලය පාවිච්චිකර අදහස් ඉටුකරගනී. අධ්‍යාපන කටයුතුවල නිරත අයට බාධක යෙදේ. සුළු දේවල් පවා ලොකුවට සිතා වැඩ අවුල් කරගනී. වාසනාවන්ත දරු උපත් සිදුවෙයි. ආලවන්තකම් වලින් කරදර ඇති වෙයි.

වෘෂභ ලග්නය - දේපළ, ඉඩම් වාහන නිවාස ලැබීමට වාසනාව ඇත. පාලන බලතල ලබයි. අන්‍යයන්ගේ සිත් දිනාගනී. තේජාන්විත බවක් දිස්වෙයි. එඩිතරයි. සටන් කාමියි. ඥාතීන් සමග අමනාප වෙයි. බලවත් අය සමග ආරාවුල් ඇති කරගනී. මවුට තරමක් අගුණයි. දේපළ පිළිබඳව ආරාවුලක් ඇතිවිය හැකිය. පාලන කටයුතු වලට දක්‍ෂයි. ගමන් බිමන් පහසුව ඇති වේ. ආත්ම ගෞරවය රැුකගනී.

 na6 2මිථුන ලග්නය - ලෙඩදුක් කරදර වලින් මිදී නිරෝගී වෙයි. බුද්ධිමත්ව කි‍්‍රයා කරයි. විශ්වාසවන්තයි. පහත් කි‍්‍රයාවල නොයෙදෙයි. බලය අයුතු ලෙස නොයෙදවයි. ප‍්‍රධානත්වය හිමිවේ. කියන කරන දේවල් එළිපිටම කියයි. කරයි. සහෝදරාදීන් සමග අමනාපකම් ඇති කරගැනීම ගෞරව, කීර්තිය ලබයි. බරපතළ කරුණකට වුවත් නොබියව ඉදිරිපත් වෙයි. දේපළ ඉඩම් වලින් ආදායම් ලබයි. අධ්‍යාපන කටයුතු වල යෙදී සිටින අයට යහපත්ය.

කටක ලග්නය - තේජාන්විත ගතියක් දිස්වෙයි. කථාව අන්අයගේ සතුටට හේතුවකි. සුළු දේවල් පි‍්‍රය නොකරයි. ලොකුවට කිරීමට සිතයි. ප‍්‍රධානත්වය පතා කි‍්‍රයා කරයි. අසරණ අයට සරණවෙයි. මුදල් අතින් පිරිහීමක් සිදුනොවේ. වැඩට කඩිසරයි. කථාවද ඉක්මන්ය. ගැබිනි කතුන්ට වාසනාවන්ත දරුවන් ලැබේ. ශරීරයේ උෂ්ණ ගතිය වැඩියි. දත්වල ආබාධ ඇතිවිය හැකිය. විවාහ ජීවිතය සතුටින් ගෙවිය හැකිය. ඇස්වල ආබාධ ඇති වේ.

සිංහ ලග්නය - ඉතාමත් ශුභ කාලයකි. නිතර ප‍්‍රධානත්වයෙන්ම කටයුතු කරයි. උෙiා්ගය උනන්දුව ආත්ම බලය යහමින් පවතී. මොනම දේකටවත් පසුබට නොවේ. කිසිවෙකුට යටත් පහත්වීමට කැමැති නැත. රජයේ උසස් නිලතල දරයි. රැුකියා නැති අයට රැුකියා අවස්ථා උදාවේ. කරන රැුකියාවෙන් උසස්වීම් ලබයි. තරමක අහංකාර ගතියක්ද පෙන්වයි. තමාට හිතවත් අයට තමාද හිතවත්ය. පියාගේ දේපළ තමාට හිමිවෙයි. දේපළ පිළිබඳ ආරවුල් ඇතිවෙයි. ධනයෙන් බලයෙන් දියුණු වෙයි.

කන්‍යා ලග්නය - රවි 12 වැන්නේ ගමන් කරන නිසා ආත්ම ගෞරවය ගැන සැලකිලිමත් වෙයි. අසරණ උදවියට උදව් උපකාර කරයි. පියා අනුගමනය කරයි. ඔහුට ආදරය ගෞරවය දක්වයි. සමාජයේ ඉහළ

පිළිගැනීමත් සිදුවෙයි. දුර බැහැර ප‍්‍රදේශවල හෝ විදේශ ගමන් හෝ ඇති වේ. බලාපොරොත්තු රහිත වියදම් ඇති වෙයි. බාහිර ඔපය අලංකාරය කෙරෙහි සැලකිලිමත් වේ. කොපමණ කරදර බාධක ආවත් ඒවා එතරම් දුරට ගණන් නොගනී. අන්‍යයන් නිසා නඩු හබ වලට පැටලීමට පුළුවනි. ආමාශගත ආබාධ සහකරුට හෝ සහකාරියට ඇති වේ.

තුලා ලග්නය - රවි ග‍්‍රහයා 11 වැන්නේ ගමන් කිරීම ඔබට ඉතා ශුභයි. උසස් සමාජ තත්ත්වයක් හිමිකර ගනී. තමාට නොගැලපෙන අයව ආශ‍්‍රයෙන් බැහැර කරයි. තරමක අහංකාර බවක් දිස්වුවත් අනුකම්පාසහගතයි. අධ්‍යාපන කටයුතු වල නිරත අයට යහපත්ය. යටත් පහත්වීමට කැමැති නැත. පාලන කටයුතු වලට දක්‍ෂයි. ආදායම් තත්ත්වය යහපත්ය. රැකියා නැති අයට රැකියා අවස්ථා උදාවේ. අවිවාහකයන්ට විවාහ කටයුතු ස්ථිර වෙයි. පොළොවෙන් මැණික් මිනරන් ලැබීමට වාසනාව ඇත. කෘෂි කාර්මිකයින්ටද ශුභයි.

වෘශ්චික ලග්නය - රවි 10 වැන්නේ සිංහ රාශිගතව සිටීම බලවත් යෝගයකි. තේජවන්ත, කීර්තිධර පුද්ගල පෙනුමක් ඇති වේ. පෙනීමට ඔපයට, උසස් ලෙස සිටීමට වැඩි කැමැත්තක් දක්වයි. කිසිවෙකුට අයහපතක් වරදක් සිදු නොකරයි. රැුකියා නැති අයට උසස් තනතුරු ලැබේ. කරන රැකියාවෙන් උසස්වීම් ලබයි. කිසියම් දේකට විශේෂ දක්‍ෂතා දක්වයි. පියාට තරමක් අගුණ කාලයකි. ඇතැම් අවස්ථාවල හිතුවක්කාර ලෙසද කටයුතු කරයි.

ධනු ලග්නය - ආගම දහම ගැන වැඩි සැලකිල්ලක් දක්වයි. හැමදෙනාගේම සිත් සතුටු වන පරිදි කථා කරයි. කටයුතු කරයි. තමා වෙත පැවරෙන රාජකාරී අවංකවම ඉහළින් කරයි. ආගමික සමාජ පොදු කටයුතු වල යෙදෙයි. සමිති සමාගම්වල නිලතල ලැබීමට පුළුවනි. රැකියා කටයුතු සාර්ථකව කරගනී. අධ්‍යාපනය කරන අයට උසස් අධ්‍යාපනයට යොමුවීමට පුළුවනි. අවිවාහකයින්ට විවාහ මංගල යෝජනා සාර්ථක වේ. විවේකය අඩුයි. වැඩපල වලම යෙදෙයි.

මකර ලග්නය - කරන කාර්යය ඉතා හොඳින් කිරීමට තරම් දක්‍ෂයි. පූර්ව ජන්මයේ කරන ලද කුසල් - අකුසල් අනුගමනය කරන කාලයකි. දුක සැප දෙකම සමසේ විඳදරා ගැනීමේ හැකියාව ඇත. තරමක් අහංකාරයි. ලොකුවට පෙනී සිටීමට කැමැතියි. ශරීරයේ උෂ්ණගතිය වැඩි නිසා උෂ්ණ රෝග වැළඳීමට පුළුවනි. හිසේ - ඇසේ ආබාධ හටගනී. තම මතයට වැඩ කරයි. පවුල් ජීවිතයේ ප‍්‍රශ්න ඇතිවෙයි. ගැබිනි කතුන්ට ප‍්‍රසූත දෝෂ හට ගනී. සිතට තදබල දුක් වේදනා උපදී.

කුම්භ ලග්නය - ආත්ම ගෞරවය ගැන බලවත් අවධානයක් දක්වයි. අන් අයට උදව් කිරීමට ඉදිරිපත් වෙයි. වගකියයුතු තනතුරු වල නිරත වෙයි. බොහෝ දෙනා සම්බන්ධ කරගෙන කටයුතු කරයි. පිරිස් බලය ලැබේ. අවිවාහකයන්ට විවාහය ඉක්මන් වෙයි. හිසරදය අර්ශස් ආබාධ උෂ්ණ රෝග හටගනී. විවාහකයින් අතර (අඹු-සැමි) මතභේද ඇතිවිය හැකිය. තම මතයටම කි‍්‍රයාකරයි. අවදානම් වැඩවලින් කීර්තිය ගෞරවය ලබයි.

මීන ලග්නය - රවි 06 වැන්නේ සිටීමෙන් නිරෝගී වෙයි. මොනම දේකටවත් පසුබට නොවේ. වීරෝදාරයි. අන්‍යයන්ට කරදරයක් නොවන පරිදි කටයුතු කරයි. සහකාරිය ත්‍යාගවන්තයි. සතුරු කරදර උද්ගත වෙයි. ලෙඩ රෝග සහ සතුරු කරදර සඳහා මුදල් වැය වේ. ආමාශයේ උෂ්ණ ගතිය වැඞී. පාලන කටයුතු වලට දක්‍ෂයි. මවු පාර්ශ්වයේ නෑයින් සමග අමනාප වෙයි. විවාහකයින්ට විවාහ ජීවිතයේ කරදර ඇති වෙයි.

ඉගෙනීම් කටයුතුවල යෙදී සිටින අයට බාධක ඇති වෙයි.

විශේෂයි

කුජ ග‍්‍රහයා රවි සමග සංයෝගවීමෙන් ශරීරයේ ලේ උෂ්ණවීම සිදුවන නිසා උණ රෝග වැළඳිය හැකිය. මෙම බලවත් ග‍්‍රහයින් දෙන්නා එකට සිටීම නිසා අදාළ පුද්ගලයාගේ චිත්ත ශක්තිය, චිත්ත ධෛර්යය, මැනවින් පවතී. ඕනෑම දේකට නිර්භීතව මුහුණ දෙයි.

මීරිගම විද්‍යාල මාවතේ ජ්‍යොතිෂවේදී කලාභූෂණ ආර්. ඇම්. ටී. රත්නායක
gossip lanka