gossip lanka

අවුරුදු 4 ක පෙර පාසල් දැරියකට මරණීය තර්ජන එල්ලකර බරපතල ලිංගික අතවර කළ ඥාති මාමා වැඩ වරද්දා ගනී !

සිව්වස්‌ වියෑති පෙර පාසල් ශිෂ්‍යාවකට ලිංගික අතවර කිරීම පිළිබඳ වරද පිළිගත් එම ශිෂ්‍යාවගේ 37 හැවිරිදි විවාහක ඥාති මාමා කෙනකුට මීගමුව මහාධිකරණ විනිසුරු අමල් රණරාජ මහතා විසින් වසර පහකට අත්හිටුවූ බරපතළ වැඩ ඇතිව වසර දෙකක සිරදඬුවම් සහ රුපියල් 7500 ක දඩ නියම කරනු ලැබුවා.


ඊට අමතරව වරද පිළිගත් විත්තිකරුට ඔහු විසින් ලිංගික අතවර කළ දැරියට රුපියල් 50,000 ක වන්දියක්‌ ගෙවීමට මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළා.

ජ්‍යෙෂ්ඨ නීතිඥ නිශේන්ද්‍ර ඒකනායක මහතා මගින් වරද පිළිගත් විත්තිකරු වූයේ බඩල්ගම පදිංචි විවාහකයෙක්.

ඇය පෙර පාසල් යැමට පෙර තම මිත්තණියට වැඳීම සඳහා අසල වූ මිත්තණියගේ නිවසට 2011 මැයි මස 4 වැනි දින උදේ ගොස්‌ තිබෙනවා.

එම නිවසේ මිත්තණිය නොසිටි අතර විත්තිකරු එම පෙර පාසල් දැරියට මරණීය තර්ජන එල්ල කර බලහත්කාරයෙන් ලිංගික අතවර සිදුකර ඇති බව සඳහන්.

පසුව දැරියගේ මව විසින් විත්තිකරුට එරෙහිව මිනුවන්ගොඩ පොලිසියට පැමිණිලි කර තිබෙනවා.

විමල් කීර්ති
gossip lanka