gossip lanka

අම්මාගෙයි තාත්තාගෙයි රණ්ඩුව බේරන්න ගිය 17 හැවිරිදි පුතා තාත්තාගේ පොලු පහරින් අවසන් ගමන් යයි

දෙමාපියන්ගේ ආරවුලක් බේරීමට මැදිහත්වූ පුතු හට පියාගේ පොලු පහරට ලක්ව තුවාල ලබා රෝහල් ගත කිරීමෙන් අනතුරුව රත්නපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

මෙසේ මියගොස් ඇත්තේ බලන්ගොඩ උඩුමුල්ල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 17ක තරුණයෙක්. 

පියා විසින් මීට ප්‍රථම සඳහන් කර ඇත්තේ නිවසට පැමිණි උගුඩුවෙකුට මෙම පොලු පහර එල්ල කර ඇති බවයි. කෙසේ නමුත් පොලිස් පරීක්ෂණ වලින් තහවුරු වූ ආකාරයට පියා විසින් එල්ල කරපු පොලු පහරින් මෙම තරුණයා ජීවිතක්ෂයට පත්වූ බව සඳහන්. 

"මව්බිම"
gossip lanka