gossip lanka

භික්‍ෂුන් වැඩි පිරිසක් කුඩා කාලයේදී පන්සල්වල ලිංගික අතරවලට ලක් වී මනස විකෘති වූවන් - රන්ජන්

කෑගහන භික්ෂූන් වහන්සේලා ගැන සියයට අනූවක්ම කුඩා කාලයේ ලිංගික අතවරයන්ට ලක්වී මනස විකෘති වූවන් පිරිසක් බව රාජ්‍ය ඇමැති රංජන් රාමනායක මහතා සඳහන් කරයි.

මව්වරුන්ගෙන් තුරුලේ නැලවිය යුතු වයසේ පසුවන කුඩා දරුවන් පන්සල්වලට ගිහින් දැමූ පසු රාත්‍රියේදී අතවර කරන බවත් මහ රාත්‍රියේ දී ඔවුන් හඬා වැටෙන බවත් රාජ්‍ය ඇමතිවරයා පැවසීය.

එවන් අතවරයන්ට ලක් වූ භික්ෂූන් වහන්සේලා වැඩි වියට පැමිණි පසු අපේ දේශපාලනඥයෝ ඔවුන්ගෙන් උපදෙස් ලබාගන්නා බවද ඔහු සඳහන් කළේය.

අන්තර්ජාල අඩවියක් සමගින් සංවාදයකට එක්වෙමින් ඔහු මෙම අදහස් පල කලේය.

කෙසේ වෙතත් රාමනායක මහතාගේ මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් භික්‍ෂුන් වහන්සේලා කිහිප දෙනකුගෙන්ම දැඩි විවේචන එල්ල කලහ.


gossip lanka