අපල දුරු වී ජනාධිපති වෙන්නැයි අගමැති රනිල් කතරගම දේවාලයට කිරිබොන ඇති පැටවෙකු පූජා කරයි

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ අපල දුරුවී ජනාධිපතිවරණයෙන් අබිෂේක ලබන්නැයි කියමින් කතරගම දේවාලයට ඇත් පැටවෙකු පූජා කිරීමට සූදානම් වන බව පූජ්‍ය පාහියංගල ආනන්ද සාගර හිමියෝ සඳහන් කරති.

ඊට විරෝධය පළ කරමින් අරලියගහ මන්දිරයට ගොස් ලිපියක් බාර දී ආපසු පැමිණි අවස්ථාවේදී මාධ්‍ය වෙත උන් වහන්සේ මේ බව පැවසූහ.


මෙසේ දීමට පූජා කිරීමට යන්නේ තාමත් මවු ඇතින්නගෙන් කිරි බොන කුඩා ඇත් පැටවෙකු බවද උන්වහන්සේ සඳහන් කලහ.

රිදියගම ජාතික වනඋද්‍යානයේ සිටින ඉසිර නම් ඇත් පැටවා මෙම අවාසනාවත් ඉරණමට මුහුණ දීමට සිදුව ඇති බවත් උන් වහන්සේ කියා සිටියහ.
gossip lanka