gossip lanka

මොඩ්ල් කෙනෙක්ට වයස් සීමාවක් තියෙනවා කියන්න පුලුවන්.. එහෙම වුනොත් රංගනයට මේ මොහොතේදී සමුදෙන්න වෙනවා - මියසි සන්දීපනී

Modeling too is a profession one should learn

මොඩ්ලින් කියන්නෙත් ඉගෙන ගෙන කරන්න ඕන දෙයක් කියලා මම විශ්වාස කරනවා. අපි ඕනම දෙයක් ඉගෙනගෙන කරනවා නම් තමයි හොඳින්ම කරන්න පුලුවන් වෙන්නේ. ඉතින් ඒ විදියට මොඩ්ලින්කියන්නෙත් හරි විදියට ඉගෙන ගන්න ඕන දෙයක්. එතකොට තමයි අපි කරන්නේ මොකක්ද කියලා හොඳ අයිඩියා එකක් ලැබෙන්නේ.
එහෙම අයිඩියා එකක් තියෙනකොට තමයි තමන්ගේ ප්‍රොෆෙෂන් එක හොඳටම කරන්න පුලුවන් වෙන්නේ. මම මොඩ්ලින් ඉගෙන ගන්න ක්ලාස් ගිහිල්ලා නැහැ. හැබැයි ඇක්ටින් ඉගෙන ගන්න ක්ලාස් ගිහින් තියෙනවා. ඇත්තටම මම ගොඩක් වැඩ කරන්නේ රංගනය පැත්තෙන්. මේ වෙනකොට චිත්‍රපටයක මම වැඩ කරලා තියෙනවා. ඒ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය කළේ දිනක්ෂි. මම කළේ සෙකන්ඩ් රෝල් එකක්. ඒ දිනක්ෂිගේබෙස්ට් ෆ්‍රෙන්ඩ්ගේකැරැක්ටර් එක. මම ටෙලිඩ්‍රාමාස් පහක් හයක් වෙන්නත් කරලා තියෙනවා. ඒ වගේම මියුසික්වීඩියෝස් ඇතුළු තවත් වැඩකටයුතු මේ ක්ෂේත්‍රයේ කරලා තියෙනවා. ඒ නිසා ඒ ගැන ඉගෙනගෙන තියෙනවා, තවමත් ඉගෙනගන්නවා.


My acting career

මම මුලින්මෆීල්ඩ් එකට එනකොට මම උසස් අධ්‍යාපන කටයුතු වල නිරත වෙලා හිටියේ. මගෙ ෆොටෝස් වගයක් දැකලා, ඩිරෙක්ටර්ස්ලා කීප දෙනෙක් මට ස්ක්‍රීන්ටෙස්ට් වලට එන්න කිව්වා. එතකොට ඒවලින් සිලෙක්ට් වුනා. ඉන් පස්සේ ඉතින් අද වෙනකල් දිගටම වැඩ කරනවා.

මම අනාගතේදී පූර්ණකාලීනව රංගනයේ නියැලේවිද කියන එක දැන්මම හරියටම කියන්න බැහැ. මේ වෙනකොට මගේ අදහස තියෙනව මගේ වැඩිදුර අධ්‍යාපන කටයුතු විදේශගත වෙලා කරන්න. එහෙම වුනොත් රංගනයට මේ මොහොතේදී සමුදෙන්න වෙනවා. ඒත් ඒ කටයුතු ඉෂ්ට වෙනකල්, ඒ කියන්නේ ලංකාවේ ඉන්නකල් මම දිගටම රංගනයේ සහ නිරූපණයේ නියැළෙනවා.

මේ වෙනකොට අපේ සිනමාව වුනත් ජාත්‍යන්තර තලයට පවා ගිහින්, සෑහෙන්න හොඳ මට්ටමක, තත්වයක තියෙනවා කියලා මම හිතනවා. වෙනත් රටකට වුනත් බය නැතුව පෙන්නන්න පුලුවන් තත්වයක අපේ කලාව තියෙනවා. තව ඉතින් අනාගතේදී දියුණු වෙන්න වුවමනායි, දියුණු වෙයි.


The expiry date

මොඩ්ල් කෙනෙක්ට වයස් සීමාවක් තියෙනවා කියන්න පුලුවන්. ඒ කියන්නේ වයස ප්‍රශ්නයක් වෙනවා සාමාන්‍යයෙන් ගත්තොත්. කොහොමත් ලංකාවේ මේ වෙනකොට සෑහෙන්න මොඩ්ල්ස්ලාඉන්නවනේ. ඒත් ඇත්ත කථාව මේකයි. අද ලංකාවේ මොඩ්ල්ස්ලා කියලා සෑහෙන්න පිරිසක් හිටියට, නිරූපණ ශිල්පය කියලා වෘත්තියක් විදියට දිගින් දිගටම මෙතන ඉන්න ඒ අයගෙන ගොඩක් දෙනෙක් හිතන්නෙ නැහැනේ. ගොඩක් මොඩ්ල්ස්ලා කියන අය එනවා වගේම ඉක්මනට ආයෙමත් යනවා. වෘත්තිමය නිරූපණ ශිල්පීන් ශිල්පිණියන් විදියට දිගටම ක්ෂේත්‍රයේ රැඳිලා ඉස්සරහට යන්නේ පොඩි ප්‍රමාණයක් තමයි.
gossip lanka