gossip lanka

මව සහ සහෝදරියන් සමඟ මුහුදු රළ පාගමින් සිටි කුඩා දැරියට අත් වූ අවාසනාවන්ත ඉරණම

හලාවත - වෙරළ උද්‍යානය අසළ මුහුදේ මව සහ සහෝදරියන් දෙදෙනා සමඟ මුහුදු රළ පාගමින් සිටි කුඩා දැරියක් රළ පහරකට හසුව දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මහනුවර ප්‍රදේශයේ සිට විනෝද චාරිකාවක් සඳහා මොවුන් හලාවතට පැමිණි අවස්ථාවේ අද අලුයම මෙම අනතුරට මුහුණ දී ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
43 හැවිරිදි මව සමඟ අවුරුදු එකයි මාස දෙකක් වයසැති මෙම දැරිය මුහුදේ රළ පාගමින් සිට ඇති අතරල වැඩිමහල් සොහොයුරින් දෙදෙනා ද එම අවස්ථාවේ ඒ ආසන්නයේ සිට තිබෙනවා.

ඔවුන් එකවරම රළ පහරකට හසුව මුහුදට ගසාගෙන ගොස් ඇති අතරල අවට සිටි පිරිස් විසින් ඔවුන් බේරාගෙන රෝහල් ගත කර ඇති බවයි වාර්තා වන්නේ.

රෝහලට රැගෙන යමින් සිටින අතරතුර කුඩා දැරිය මිය ගොස් තිබෙනවාග මව සහ සෙසු 8 සහ 12 හැවිරිදි දියණියන් දෙදෙනා හලාවත රෝහලේ තවදුරටත් ප්‍රතිකාර ලබන බවයි පොලිසිය සඳහන් කළේ.
gossip lanka