gossip lanka

මාතර කොළඹ බස් රථයක් දුම්රිය මාර්ගයට කඩා වදී - මගීන්ගේ මැදිහත්වීමෙන් විශාල අනතුරක් වළක්වාගත් හැටි

කොළඹ සිට මාතර බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් කොස්ගොඩ දූවමෝදර ප්‍රදේශයේදී  දුම්රිය මාර්ගයට කඩාවැදීම හේතුවෙන් ඊයේ (13) පෙරවරුවේ අනතුරක් සිදුවුනා.වේගය පාලනය කර ගැනීමට නොහැකිව බස් රථය මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි වාර්තා වුනේ.


අනතුර සිදුවන අවස්ථාව වන විට බෙලිඅත්ත බලා ධාවනය වන දුම්රියක් එම මාර්ගයේ පැමිණීමට නියමිතව තිබූ අතර මගීන් සහ ප්‍රදේශවාසීන් එක්ව දුම්රිය මාර්ගයේ ඉදිරියට ගොස් දුම්රිය නතර කරගෙන තිබෙනවා. කෙසේවෙතත් දුම්රිය පැමිණ නතර වී තිබුණේ බස් රථය අනතුරට ලක්වූ ස්ථානයට මීටර් 10ක් පමණ  දුරකින් බවයි බවයි වාර්තා වුනේ.

අනතුර සිදුවන අවස්ථාවේ බස් රථයේ මගීන් 45 දෙනෙකු පමණ ගමන් කර ඇති අතර ඔවුන්ගෙන් කිහිප දෙනෙකුට පමණක් සුලු තුවාල සිදුව තිබෙනවා.

gossip lanka