පරීක්ෂණයක් අතරතුර බැටරියක් පිපිරීමෙන් මොරටු සරසවි‍යේ සිසුන් 4දෙනෙක් අනූනමයෙන් බේරුණ හැටි

මොරටුව විශ්ව විද්‍යාලයේ යාන්ත්‍රික ඉන්ජිනේරු පීඨයේ දෙපාර්තමේන්තුවක් තුල බැටරියක් සකස් කරමින් සිටියදී හදිසියේ ඇති වූ ගින්නක් සමඟ සිව් දෙනෙකු පිටතට පැන දිවි බේරාගෙන ඇතැයි මොරටුව පොලීසිය පවසනවා.

ඉන්ජිනේරු පීඨයේ සිසුන් නිර්මාණය කරන ලද විදුලියෙන් ක්‍රියාත්මක කරන මෝටර් රථයක් සඳහා බැටරිය සකස් කරමින් සිටියදී එහි කොටස් දෙකක් එකිනෙක ගැටීමෙන් විදුලිය කාන්දු වී ගින්න හටගෙන ඇතැයි පොලීසිය පවසනවා.

එම ස්ථානයෙන් පිටතට පැන ගෙන ඒ බව මොරටුව මහ නගර සභාවේ ගිණි නිවන ඒකකය දැනුම්වත් කිරීමත් සමඟ විනාඩි කිහිපයක් තුළදී එම ස්‍ථානයට පැමිණි ගිණි නිවන භට‍යින් ඇති වූ ගින්න පාළනය කිරීමට පියවර ගත්තා.

ඇති වූ ගින්නෙන් එම බැටරි කොටස්වලට හා තවත් දේපළ රැසකට අලාභ සිදු වී ඇතැයි පොලීසිය කියයි.

මෙම අනපේක්ෂිත සිද්ධියට මුහුණ පා ඇත්තේ අවසන් වසරේ සිසින් සිව් දෙනෙකි.

මොරටුව ගිණි නිවන ඒකකයේ කණ්ඩායමක් බාර නිලධාරී එම්.ඩීඑම් ප්‍රනාන්දු ඇතුළු ගිනි නිවන භටයින් පිරිසක් විසින් ගින්න නිවා දමා තිබෙනවා.
gossip lanka