ගවුමක් ඇඳගෙන වෙඩින් එකකට ගිහිල්ලා නිෂීට වෙච්ච දෙයක්

ෆැෂන් ගැන මොකද හිතන්නේ ?

මම නම් ඇත්තටම ගොඩක් ෆැෂන් කරන කෙනෙක්. ෆැෂන් කාලෙන් කාලෙට වෙනස් වෙනවා. අපි අනිවාර්යයෙන්ම ෆැෂන් කළ යුතුමයි.

ෆැෂන් කියන්නේ කලාවක් කිව්වොත්?
ඔව්. අනිවාර්යයෙන්ම ෆැෂන් කියන්නේ කලාවක්.

කාන්තාවක් ෆැෂන් කරන්න ඕනෑ කොහොමද?

ඒක ඉතිං එක එක්කෙනාගෙන් කෙනාට වෙනස් වෙනවා. ඒ කියන්නේ තමන් කැමැති විදි,හට ෆැෂන් කරන්න ඕනෑ. මම නම් ඉතිං මට ගැළපෙන විදියට අවස්ථාවෙන් අවස්ථාව නිවැරදිව තේරුම්ගෙන ෆැෂන් කරනවා.

ෆැෂන් කරද්දි කවුරුහරි අනුකරණය කරනවාද?

අනුකරණයක් කියලා නැහැ, මට ගැළපෙනවා කියලා මම දන්නවානම් මම ඒ දේ අනිවාර්යයෙන්ම කරනවා. මට ගැළපෙන දේ තමයි මම කරන්නේ.

පුරුද්දක් විදියට සැලෝන් යනවාද?

ඔව්. අනිවාර්යයෙන්ම යනවා.

කැමැතිම hair style එක කිව්වොත් ?

මම කැමැති ලූස් හෙයාර් එකට තමයි.

ෆැෂන් කරද්දි දිග කොණ්ඩයද ලස්සන කොට කොණ්ඩයද?

ඒක එක්කෙනාට ගැළපෙන විදියට තමයි. මට නම් ලස්සන කොටත් නැති මැද කොණ්ඩයක්. දිග කොණ්ඩයත් ලස්සනයි. මම දැකලා තියෙනවා දිග ලස්සන කොණ්ඩ.

ඔරලෝසු පළදිනවාද?

ඔව් අනිවාර්යෙන්ම පළදිනවා. ඒකනම් ඇත්තටම පුරුද්දක්.

ඔරලෝසු ඇදුමෙන් ඇදුමට වෙනස් කරලා පළදිනවාද ?

ඔව්. ඇඳුමෙන් ඇදුමට වෙනස් කරනවා. ඒ වගේම ස්ථානයට අනුව වෙනස් කරලා බදිනවා. ඇත්තටම ඔරලෝසුව කියන්නේ මට නැතුවම බැරි දෙයක්.

මොබයිල් ෆෝන් එකක් පාවිච්චි කරන්නේ ෆැෂන් එකටද අවශ්‍යතාවන් වලටද?

මමනම් හිතන්නේ ෆැෂන් එකටයි අවශ්‍යතාවන් වලටයි දෙකටම තමයි.

hand bag එකත් වැදගත් නේද?

නැහැ. හැම ගමනකදීම බෑග් එක අරං යන්න කරදරයි කියලත් හිතෙනවා. ඕනෑවන තැනුත් තියෙනවා. අවශ්‍යයම නැහැ.

ෆැෂන් කරන්නේ ෂොපින් කරලාද? නැතිතම් ඉන්ටර්නෙට් එකෙන් ද?

මමනම් ෂොපින් කරන්නේ. ඉන්ටර්නෙට් එකෙන් ගන්නවා අඩුයි.

සෙරෙප්පු වලට තියෙන්නේ මොනවගේ කැමැත්තක්ද?

ඇත්තටම මට ගොඩක්ම වියදම යන්නේ සෙරෙප්පු වලට. ඇදුමෙන් ඇදුමට සෙරෙප්පු මාරු කරනවා. මම ගොඩක් වෙලාවට උස සෙරෙප්පු තමයි දාන්න කැමැති. අවස්ථාවෙන් අවස්ථාවටත් වෙනස් කරනවා. ඇදුම්වලටත් වගේම සෙරෙප්පු වලටත් ගොඩක් කැමැතියි.

සාමාන්‍ය ගමනක් යද්දි අදින්න කැමැතිම ඇදුමක් තියෙනවාද?

ඩෙනිම් එකයි නෝමල් ටී ෂර්ට් එකයි නෝමල් ස්ලිපර්ස් දෙකයි තමයි.

wedding එකකට යද්දී අඳින්න කැමැති මොන ඇදුමක්ද?

ඒකනම් ඇත්තටම කාලෙන් කාලෙට වෙනස් වෙනවා. මේ කාලේනම් ගොඩක් අඳින්නේ නෝමල් ටයිට් ෆ්‍රොක් එකක් තමයි.

ජුවලරිස් ගැන තියෙන්නේ කොහොම උනන්දුවක්ද?

මම හුඟක් වෙලාවට අනිවාර්යයෙන්ම

ඉයර්රින්ග් පාවිච්චි කරනවා. අනිත් ජුවලරිනම් පාවිච්චි කරන්නේ නැහැ.

ෆැෂන් කරද්දි Gim යන්නම ඕනෑද?

මම නම් ඇත්තටම ජිම් යන්න ඕනෑ. මම කැමැති ඇදුමෙන් ඇදුමට මගේ ශරීර හැඩය ලස්සනට තියෙනවාට. මම කැමති මහතත් නැති කෙට්ටුත් නැති ඇඟක් තියාගන්න. ඒ නිසා මම නම් ජිම් යනවා. මම නම් කියන්නේ ඇඟ හදාගන්න ඕනෑ නිසා ඇත්තටම ජිම් එකකට යන්න ඕනෑ.

විලාසිතා කරද්දී වැඩියෙන්ම මැච් කරන්නේ මොන පාටද?

කළු පාට රෝස පාට නිල් පාට තමයි මම ගොඩක් කැමැති. කොහේ ගියත් ඒ පාට තමයි අරං එන්නේ.

ෆැෂන් කරද්දී ශරීර වර්ණය කෙරෙහි සැලකිලිමත් වෙන්නම ඕනෑද?

ඔව් ඉතිං. මම හිතන්නේ තමන්ගේ ශරීරට ගැළපෙන විදියට අඳින්න පළදින්න ඕන කියලයි මම හිතන්නේ

ෆැෂන් කරන්න ගිහින් අමාරුවේ වැටිලා නැද්ද?

ෂොපින් කරද්දී ෆිටෝන් කරලා බලලා ගෙනැල්ලා ඇදුම් අදින්න බැරිව තවමත් තියෙනවා. අමතකම නොවන එකක් තමයි මම ගවුමක් ගත්තා, ෆිටොන් කරලා බලලා ගෙදර ඇවිත් ඇඳලා බලලා එහෙම වෙඩින් එකට ගියා. ඒ ඇදුම උඩ ඕපන්. වෙඩින් එකට ඇඳගෙන ගිහින් ටික වෙලාවක් යද්දි ඇදුම උස්ස උස්ස හිටියේ හරිම අපහසුවෙන්. ඊට පස්සේ මම ගවුම අයින්ම කරලා දැම්මා.

හෙයාර් කලර් කරන්න කැමති නැද්ද?

මම හරිම කැමැතියි. මම දැකලා නැති කලර් එකක් නැති තරම්. නිල් කොළ රතු වගේ ඕනෑම පාටක් මම දාලා තියෙනවා.

වැඩියෙන්ම කැමැති මොන පාටටද?

මම දැන්නම් කැමැති නිල් පාට, බ්ලොන් තමයි.

දිගට අඳින්නද කැමැති කොටට අඳින්නද කැමැති?

මම ගොඩක් කැමැති කොටට අඳින්න.

ෆැෂන් කරද්දි බලන්නේ පහසුවද සරළකමද?

මම බලන්නේ ඇත්තටම ලස්සන.

Gim යන එකද හොද කෑම පාලනයද හොද?

ඇත්තටම දෙකම කරන්න ඕනෑ. ජිම්නම් යන්න ඕනෑ. ඒත් සමඟ කෑම පාලනයත් තියෙන්න ඕනෑ.

ටැටූ ෆැෂන් වලදි අත්‍යවශ්‍යයද?

නැහැ. අත්‍යවශ්‍යම නැහැ. ටැටූ නැතුව ෆැෂන් කරන අයත් ඉන්නවා. ඒත් ටැටූ කියන්නෙත් ෆැෂන් එකක් සහ කලාවක්. ටැටූ එකක් කලාම ලස්සනකුත් තියෙනවා. මමත් ටැටූ එකක් කරලා ඉන්නේ. මමනම් පෞද්ගලිකව කැමැති ටැටූ වලට.


නදීමාලි ආරියරත්න