පෙම්වතිය බේරා තවත් සිසුවියක් බේරා ගන්න ගිය සිසුවාත් දුම්රියට බිළිවෙයි..! ජීවිත දෙකක් අහිමි වුන සංවේදී කතාව - (video)

වයස අවුරුදු 15 සිසුවියක් සහ වයස අවුරුදු 16ක සිසුවෙක් කොළඹ කොටුවේ සිට ඇල්ල බලා ධාවනය වූ සීග්‍රගාමී දුම්රියේ ගැටීමෙන් අද (02) උදෑසන ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. නාවලපිටිය, ජයසුන්දර නාවලපිටිය ප්‍රදේශයේ දුම්රිය මාර්ගයේ ගමන් කරමින් සිටියදී මෙම සිසුවා සහ සිසුවිය අනතුරට මුහුණ පා තිබුණා.
අනතුරින් ජීවිතක්ෂයට පත්වුනේ අලුත්ගම, දෙකිඳ නාවලපිටිය පදිංචි ලලංග හර්ෂ කුමාර සහ ඉඹුල්පිටිය නාවලපිටියේ පචිංදි පියුමි භාග්‍යා සෙව්වන්දි නැමැති අයයි.

මෙම මියගිය සිසුවා සහ ඔහුගේ පෙම්වතිය බව කියන සිසුවිය එකට දුම්රිය මාර්ගයේ ගමන් කරමින් සිට ඇති අතර අනෙක් සිසුවිය ජංගම දුරකතනයෙන් කතා කරමින් ඔවුන්ට ඉදිරියෙන් ගමන් කරමින් සිටියදී ඇල්ල දෙසට ධාවනය වූ දුම්රිය දුටු සිසුවා ඔහු සමග ගමන් කළ පෙම්වතිය දුම්රිය මාර්ගයෙන් ඉවතට තල්ලු කර ඉදිරියෙන් ගමන් කළ සිසුවිය බේරා ගැනීමට උස්සහ කිරීමේදී දෙදෙනා දුම්රියේ ගැටී ඇති බවයි අනාවරණය වී ඇත්තේ.