ඔසාමා බින් ලාඩන්ගේ පුත්‍රයාට ඇමරිකාවෙන් ඩොලර් මිලියනයක ලන්සුවක්

අල්කයිඩා සංවිධානයේ හිටපු නායක ඔසාමා බින් ලාඩන්ගේ පුත්‍රයෙකු වන හම්සා බින් ලාඩන් අත්අඩංගුවට ගැනීම සඳහා ඉවහල් වන තොරතුරක් ලබාදෙන අයෙකුට ඇමරිකානු ඩොලර් මිලියනයක ත්‍යාග මුදලක් ලබාදෙන බව ඇමරිකා එක්සත් ජනපදය ඊයේ නිවේදනය කළා.

බින් ලාඩන් 2011 වසරේ පාකිස්ථානයේ ඇබටෝබාද් හිදී ඇමරිකානු මැරීන් භට කණ්ඩායමක් අතින් ජීවිතක්ෂයට පත්වුණා.

 ඉන් අනතුරුව ඔසාමා බින් ලාඩන්ගේ ජීවත්වන බිරින්දෑවරුන් තුන්දෙනා සහ ඔවුන්ගේ දරුවන්්ට ඔවුන් උපන් රට වූ සෞදි අරාබියට පැමිණීමට අවසර ලැබුණා.

කෙසේ නමුත් හම්සා බින් ලාඩන් එලෙස සෞදි අරාබියට නොපැමිණි අතර, දැන් 30 වන වියේ පසුවන ඔහු අල්කයිඩා සංවිධානයේ නව නායකයා ලෙස කටයුතු කරන බව සඳහන්.

පාකිස්ථානයේ, ඇෆ්ගනිස්ථානයේ, සිරියාවේ හෝ ඉරාන නිවාස අඩස්සියේ පසුවන බවටයි විශ්වාස කෙරෙන්නේ.

ඔහු සිටින ඕනෑම රටක් පිළිබඳව තොරතුරු ලබාදෙන අයෙකුට අදාළ ඩොලර් මිලියනයක ත්‍යාගය පිරිනමන බව ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව ඊයේ ප්‍රකාශ කළා.
gossip lanka