"ඔබේ පියාගෙන් අසා දැනගන්න, වඩා බලවත් ආදරයද වෛරයද කියලා.." - පාකිස්ථාන හමුදාව අභිනන්දන්ගේ පුතු වෙනුවෙන් තැබූ ෆේස්බුක් සටහන

පාකිස්ථානයේ පිහිටි ත්‍රස්ත ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කිරීම සදහා එරට ගුවන් කලාපයට ඇතුළු වූ ඉන්දීය ගුවන් නියමු වින්ග් කමාන්ඩර් අභිනන්දන් වර්තමාන් අත්අඩංගුවට පත් වන්නේ පාකිස්ථාන ගුවන් ප්‍රහාරයකට ලක්වීමෙන්.


කෙසේ වෙතත්, එසේ අත්අඩංගුවේ පසුවූ ඉන්දීය ගුවන් නියමුවා මාර්තු මස 1දින රාත්‍රියේ ඉන්දීය වාග් අතාරී දේශ සීමා මුර කපොල්ලේදී පාකිස්ථානය විසින් ඉන්දීය ආරක්ශක අංශ වෙත භාර දෙනු ලැබුවා. මෙය මුළු මහත් ලෝකයේම අවධානය දිනාගත් සිදුවීමක් වූ අතර අභිනන්දන්, ඉන්දීය මාධ්‍ය හමුවේ ප්‍රකාශ කර තිබුණේ, පාකිස්ථානු හමුදාව තමන්ට විශිෂ්ඨ සේවාවක් සැපයූ බවයි.

මේ අතර වින්ග් කමාන්ඩර් අභිනන්දන් වර්තමාන්ගේ කුඩා පුතුට "පාකිස්තාන සන්නද්ධ හමුදාව" (Pak Armed Forces) නමින් පවත්වාගෙන යන ෆේස් බුක් පිටුවක තැබූ සටහනක් සමාජ මාධ්‍යයේ අවධානයට ලක්ව තිබෙනවා.

එහි සිංහල පරිවර්තනය හා සම්පූර්ණ සටහන පහතින්...

පුංචි හා පැටියෝ,

ඉතා ඉක්මණට ඔබට ඔබේ පියා නැවත දැකීමට, වැළඳ ගැනීමට ලැබේවි. ඔහු මෙහි පැමිණියේ ඔබවන් බොහෝ දෙනා විනාශ කිරීමට වුවද අප ත්‍යාගයක් ලෙස නැවත ඔහුව ඔබ වෙත එවනවා.

මට ඔබෙන් එක ඉල්ලීමක් තියෙනවා කරන්න. ඔබ අප වෙනුවෙන් මෙලෙස පියාගෙන් අසන්න. කාශ්මීර දරුවන්ට ද ඔබට මෙන් ඔවුන්ගේ පියවරුන් හා සතුටින් සිටීමට අයිතියක් නැතිද කියා. විමසන්න වඩා බලවත් ආදරය ද වෛරයද කියා. කුමක්ද වඩා පියකරු ජීවිතය ද මරණය ද කියා.

මා ඔබෙන් පිළිතුරු ලැබෙන තුරු බලා සිටිනවා. නොඉවසිල්ලෙන් බලා සිටිනවා. දිනක ඔබේ පියා අප දකින්නට පැමිණේයැයි සිතමි. එදිනට ඔහු අත ආයුධ නොව මල් පොකුරක් තිබෙනු ඇතැයි සිතමි.

ආදරණීය මනුෂ්‍යයෙක්

Hi little bunny!!

Congrats you are going to hug your Dad very soon. We are sending him back to you as a gift no matter if he came to bomb many like you..

Bunny listen! i have a request to you. when he will rush and hug you tight, kindly ask him few questions on my behalf. Ask him: Dad dont kashmiri kids like me have any right to live happily with their Dads?

Ask Him what if they have left you on the mercy of violent Mob? Ask Him what wars and hatred cost ?.Ask him whats is more powerful? Hate of love? Ask Him what is more beautiful life or Death?

I will be awaiting the answers of these questions. Stay happy little bunny, I wish you to visit us one day with your dad taking flowers in hands rather than missiles and bombs. Han one thing more, I promise you we will not let anybody snatch your smile and use our land for destruction. Stay happy with your Dad.

Humanity lover
gossip lanka