නිල් චිත්‍රපට නිළි සනී ලියෝන් දරුවන් තුන්දෙනෙකුගේ මවක් වීම ගැන කියූ දේ - (Photos)

‘ජිස්ම්’ චිත්‍රපටය තුළින් බොලිවුඩ් සිනමාවට පැමිණි සනී ලියොන් මේ දක්වා රංගනයෙන් දායක වූ බොලිවුඩ් චිත්‍රපට ප්‍රමාණය බොහෝයි.

ඉන් චිත්‍රපට එකක් හෝ දෙකක් හැරෙන්නට අනෙකුත් සියලු චිත්‍රපට සියල්ලම අසාර්ථක ඒවා බවට පත් වුණා.
කෙසේ වෙතත්, සනී එදා මෙන්ම අදත් එක සේ ජනප්‍රියයි.

මෑතකදී ඇය එක්වූ සම්මුඛ සාකච්ඡාවකදී පවසා තිබුණේ කෙටි කාලයක් තුළදී දරුවන් තිදෙනෙකුගේ මවක් වීම තම ජීවිතය සර්ව සම්පුර්ණ වී ඇති බවයි.

සනීගේ වැඩිමහල් දියණිය මේ වනවිට සිවුවැනි වියෙහි පසුවන අතර, ඇයගේ බාල නිවුන් සහෝදරයන් දෙවැනි වියෙහි පසුවනවා.

සනීගේ සැමියා වන ඩැනියෙල් වෙබර්ද තම දරුවන්ට තමාටත් වඩා ආදරය කරමින් සිටින බව කියනවා.

සනී හා ඩැනියෙල්ගේ වැඩිමහල් දියණිය වූ නිශා ඔවුන් විසින් හදා වඩා ගැනීමට ගත් කෙනෙක්.

ඒ වන විට නිශා, අවුරුද්දයි මාස 9ක් වයසැති ළඳැරියක්.

නිවුන් දරුවන් දෙදෙනෙකුගේ මවක් වුවත්, තමා හදාවඩා ගත් නිශාට ඇය වඩාත් ලෙන්ගතු බව ඇය විසින් පවසා තිබුණා.

"මට ලැබුණු හොඳම තෑග්ග නිශා. ඇය හරිම ලස්සනයි. ඇය තවමත් අපේ ජිවිතයට හැඩ ගැහෙමින් ඉන්නවා. ඒක ඇත්තටම පුදුම සහගතයි. දෙවියන් නියම වෙලාවට ඔබේ ජිවිතය තුළට වටිනා කියන මනුෂ්‍යයෙක් ගෙන එනවා.." ඇය කියා තිබුණා.

සනීගේ සැමියා වූ, ඩැනියෙල් පවසා තිබුණේ තමන් වාසනාවන්ත පියෙකු වූ බවයි.
gossip lanka