ලොවක් පුදුමයට පත් කරමින් අභ්‍යවකාශයේ සිදු කරන්නට යන පළමු දරු උපත ගැන සියලු තොරතුරු මෙන්න

නුදුරු අනාගතයේදී පෘථිවිය හැරදමා යන්න සිදුවන බවට විවිධ විද්වතුන් අදහස් පළ කළ බව ඔබ අසා ඇති.

විශේෂයෙන්ම පෘථිවියෙන් නික්මෙන්න යන මිනිස් ජිවියා ඊළඟට තම වාසස්ථානය කරගත යුත්තේ අභ්‍යවකාශය මත පාවෙන තැනක් හෝ වාසයට හිතකර ග්‍රහලෝකයක් බවයි මෙම විද්‍යාඥයින් පවසන්නේ.
එසේ අදහස් දක්වන ඔවුන්ගේ මතයන් ගැන විවිධ අන්දමේ විවේචන ද නැතුවාම නොවේ.

නමුත් මේ කියන්න හදන්නේ ඒ විදිහට සිද්ධ වුණොත් “වර්ගයා බෝ කිරීම“ අභ්‍යවකාශයකදී සිදුවන්නේ කොහොමද?

විශේෂයෙන්ම පෘථිවියට හාත්පසින්ම වෙනස් පරිසරයක දරු උපතක් සිදු වෙද්දි ඒ දේ කුසේ සිටින දරුවාට කොයි විදිහේ බලපෑමක් කරාවීද?

මේ වගේ ගැටලු බොහෝමයක් තිබියදී ලොව ප්‍රථම වතාවට මේ දේ හැබැහින් අත්හදා බලන්න නෙදර්ලන්තයේ SpaceLife Origin ආයතනය සුදානම් වනවා.

ඔවුන් මෙය සිදු කරන්න සැලසුම් කරන්නේ 2024දී. මේ සැලසුමේ හැටියට ගැබිණි කාන්තාවක් ඇතුළු වෛද්‍ය කණ්ඩාමක් සැතපුම් 250ක් ඉහළ අභ්‍යවකාශයකට ගමන් කරනු ලබනවා.

මේ ගමනට අවශ්‍ය ප්‍රතිපාදන සපයන්න දැනටමත් ආයතන කිහිපයකින්ම කැමැත්ත පළ කර ඇති බවයි වාර්තා වන්නේ.

ඒ විතරක් නෙවේ, අභ්‍යවකාශයක් තුළ සිදුවන ප්‍රථම දරු උපත සිදු කිරීමට ස්වේජ්චාවෙන් ඉදිරිපත් වන කාන්තාවන් සමඟත් ඔවුන් සාකච්ජා කරලා තියෙන්නේ කිව්වොත් ඔබ පුදුම වේවී.

එසේ ප්‍රවාහන හා මූල්‍ය පහසුකම් සපයා ගත හැකි වුණත් SpaceLife Origin ඉදිරියේ විශාල අභියෝග රාශියක් තිබෙනවා.

රොකට්ටුවක් අභ්‍යවකාශයට ගමන් කිරීමේදී ගගනගාමීන් මත පෘථිවියට වඩා තුන් ගුණයකින් වැඩි ගුරුත්ව බලයක් බල පවත්වනවා. භෞතික විද්‍යාවේ මෙය හඳුන්වනු ලබන්නේ, G-force නමිනුයි.

ගර්බනී මවක් ඉහළට රැගෙන යාමේදී එම G-force එක කුසේ සිටින දරුවාට කෙසේ බලපාවීද කියන කාරණාව හරියටම කියන්න බැහැ.

මීට පෙර මිනිස් දරු උපතක් සිදු නොවුණත්, විවිධ සතුන්, එනම්, මීයන්, මත්ස්‍යයන් වැනි සතුන් යොදාගෙන අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානය පරීක්ෂණ කිහිපයක්ම සිදු කර තිබුණා. නමුත් මෙසේ බිහිවූ මී පැටවුන් බොහෝමයක් නිසි ආකාරයෙන් වර්ධනය වුණේ නැහැ. ඒ කියන්නේ එය 100%ක් සාර්ථක ව්‍යාපෘතියක් වුණේ නැහැ කියන එකයි.

ඉතින් මේ දේ මිනිස් බිළිඳෙකුට කෙසේ බලපාවීද? විශේෂයෙන්ම මිනිස් ප්‍රජනන පද්ධතිය නිර්මාණය වී තිබෙන්නේ පෘථිවියේ ගුරුත්වයට අනුකූලවයි.

අභ්‍යවකාශය මත සියලු දෙනා පාවෙන බැවින් දරු උපතක් සිදු වන අවස්ථාවක වෛද්‍යවරුනුත් පාවිය හැකියි. එවන් මොහොතක හුදකලා වන ගර්භනී මව කුමන ආකාරයේ අවධානමකට මුහුණ දේවීද?

ඉන්ද්‍රීයන්ට හානි පැනවීම්, අස්ථි පිරිහීම වගේ තවත් සෞඛ්‍ය ගැටලු බොහෝමයක් මෙහිදී සිදු විය හැකි බවට බොහෝ විද්වතුන් මත පළ කරනවා.

වැදගත්ම දේ තමයි, අලුත උපන් බිළිඳාට ප්‍රතිශක්තීකරණය කරන ලද ඔක්සිජන් කෙසේ බලපාවීද කියන එකත් මෙතන තියෙන තවත් ගැටලුවක්.

බිළිඳා යම් විදිහකින් උපද්‍රවයකින් තොරව ඉපදුණා නම්, ඉන් අනතුරුව බිළිඳාව අභ්‍යවකාශයේ සිට පැරෂුට් හෝ වෙන යම් මාර්ගයකින් නැවත ගෙන ඒමේදීත් යම් යම් හානිදායක දේ සිද්ධ වෙන්න පුළුවනි.

නමුත් සුපරික්ෂාකාරීව මේ දේවල් සිදු කරන්න SpaceLife Origin ආයතනය තම උපරිමයෙන් උත්සහ කරන බවයි දැනගන්න ලැබෙන්නේ.

තව දුරටත් මේ දේ සදාචාරාත්මක වශයෙන් විරෝධය එල්ල වෙන්න පුළුවන් කටයුත්තක් නිසා තාමත් මේ ගැන අවම විශ්වාසයකුයි පවතින්නේ.
gossip lanka